අක්මීමන වෙඩි තැබූ සෙබළා 581 බලසේනාධිපති යටතට
අක්මීමන උපනන්ද විදුහලේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය වීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම පාසලේ රාජකාරියේ නිරතව සිටි යුද හමුදා සෙබළා බූස්ස 581ක් වන බලසේනා මූලස්ථානාධිපති වෙත භාර කර තිබේ.
ඊයේ (04දා) දහවල් මෙම වෙඩි තැබීම සිදුවූ අතර අත්අඩංගුවට පත් හමුදා සෙබළා ගාල්ල අතිරේක මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ බූස්ස 581 වැනි බලසේලා මූලස්ථානාධිපති වෙත භාර කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හදිසි අවස්ථා රෙගුලාසි අනුව කටයුතු කරන හෙයින් නීතිපති උපදෙස් ලැබෙන තෙක් මෙසේ රඳවා තබන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
එසේම මේ සම්බන්ධයෙන් වහාම නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙසද අක්මීමන පොලීසියට අධිකරණය නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්යෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ විමර්ශන පවත්වයි.
popular news
-
Kumar Saturday, 06 July 2019 07:55 PM
මේ සෙබලාට දඬුවම් කරන්න හදන්නේ තමන්ගේ රාජකාරිය හරිහැටි ඉටුකළ නිසයි. මෙම වෙඩි තැබීම නිසා දරුපවුලක් අනත වුන එක ඇත්ත. එයට හේතුව මේ සෙබල නොවේ. මුරට සිටින සන්නද්ධ සෙබලාගේ අණ නොතකා බලෙන් ඉදිරියට පැමිණෙන කෙනාගෙයි වරද. ලංකාවේ තිබෙන්නෙ අමුතු නීති හරි වැරදි නොබලා අත්අඩංගුවට ගැනීම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

