අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාට සමීපතමයෙක් බව කියන මුල්ලේරියාව කැලණි නදී මාවතේ නිතී විරෝධී වැලි තොටුපල පවත්වාගෙන ගිය පාතාල සාමාජිකයෙක් වන රංගන නොහොත් සුනාමි නැමැත්තා අත්බෝම්බයක් හා කඩුවක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
එම පාතාල සාමාජිකයාට ගමන් බිමන් යාම සඳහා අංගොඩ ලොක්කා ලබා දී තිබූ බව කියන ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අංගොඩ ලොක්කා නිතී විරෝධී අයුරින් අත්පත් කරගෙන සිටින මුල්ලේරියාව කැලණි නදී මාවත ප්‍රදේශයේ වැලි තොටුපලක් පවත්වාගෙන යමින් අඹතලේ හන්දිය ආසන්න ප්‍රධාන මාර්ගයේ වගුරු බිමක් ද ඔහුගේ ගෝල බාලයන් ගොඩ කරන බවට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් 40248 නිලධාරීයාට ලද රහසිගත තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව බස්නාහිර දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු විසින් කේරල ගංජා ජාවාරම ද ත්‍රීරෝද රථය යොදා ගෙන සිදු කර ඇති බව වැඩිදුර විමර්ශන වලදී හෙළි වූ බව පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බිමල් ෂ්‍යාමන් ජයසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
