අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන දීමෙ ක්රමයේ වෙනසක්
වාහනයේ අංක තහඩුවේ අවසාන ඉලක්කම මත ඉන්ධන ලබාදීමේ ක්‍රම යේ වෙනසක් සිදුකළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
ඒ අනුව වාහනයේ අංක තහඩුවේ අවසාන ඉලක්කම
0,1,2 නම් - අඟහරුවාදා සහ සෙනසුරාදා
3,4,5 නම් - බ්‍රහස්පතින්දා සහ ඉරිදා
6,7,8,9 නම් - සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනයන්වලදී ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.
මෙම ක්‍රමවේදය ජූලි 21 දින සිට දිවයින පුරා ක්‍රියාත්මක බවත් QR කේතය ජූලි 21 සිට 24 දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී පරීක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් කියයි.
popular news
-
Deepal Nirosh Tuesday, 19 July 2022 11:46 PM
මේ කේත හා දින ක්‍රමය රටේ ඉන්ධන සැපයීම කුමන තත්ත්වයක තිබුණත් අඛණ්ඩව පවතවා ගැනීම රටට හොඳයි. ඒ වගේම අංක තහඩු අනුව සතියේ ඉන්ධන සපයන දිනය මාසිකව වෙනස් කිරිමත් සුදුසුයි.
Reply : 12 0
Niwhal Sunday, 24 July 2022 12:11 AM
Dawas15withama pata thal na
Reply : 0 0
නුවන් Sunday, 24 July 2022 04:00 AM
ඔබතුමාලගෙ වැඩපිලිවෙල මොකක්ද සමහර සෙඩිවල දවසක් ඇර දවසක් තෙල් ගහන්නෙ ඉතින් කොහොමද අපේ නමිබර් තියෙන දවසට තෙල් ගහන්නනෙ කාලකන්නි වැඩ නොකර ඇතිවෙන්න තෙල් ගේන්න බැරිද බැරිනමි ගෙදර ගියානම් හරි නෙ ඔය කරන වැඩ වලින් අහක ඉන්න අමිමා තමයි වැඩිපුරම බැනුමි අහන්නෙ
Reply : 0 23
තරංග Sunday, 24 July 2022 11:38 AM
QR එකත් වාහන අංක පිළිවෙල කියන එකත් දෙකම ලංකාවට අසාර්ථක වෙනවා. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන. තෙල් හොරකම නතර කරන්න ක්‍රමයක් හොයන්න ඕන. හොරකම පුරුදු වුන මිනිස්සුන්ට මේවා හරියන්නේ නැහැ. නියාමන ක්‍රම බාවිතා කරන්න ඕන. මේ මුලින් කියපු ක්‍රම නිසා ගොවියන්ට හා වාහන නොවන යන්ත්‍ර සූත්‍ර බාවිතා කරන අයට අසාධාරණයක් වෙන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

