අංක එකට රට පක්ෂය හා ආගම ඊට පසුවයි
මේ අවස්ථාවේදී අංක එකේ රට තබා කටයුතු කළ යුතු බවත් පක්ෂය හා ආගම දෙවනුවට පැමිණිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.
අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
"කවර කණ්ඩායමකට අයිති වුණත් මේකට සම්බන්ධ වූ අධාර උපකාර කරපු අනුබල දුන්නු සියලු දෙනාටඋපරිම දඩුවම් දෙන්න ඕන. ඒ එක්කම මේ පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ මගින් දැනුවත් කලාය කියලා කියනවා දවස් දහයකට කලින්.
එහෙම කළා නම් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු දීලා තිබ්බා නම් මේ අනතුර වලක්වා නොගැනීම ඉතාම ඛේදනීය වගේම ඉතාමත් බරපතල කාරණයක් වෙනවා. ඒ නිසා ඒකට වගකිවයුතු අයව හොයන්න.
අපිට කිසිසේත්ම පිළිගන්න බැහැ මෙය මේ ආකාරයේ අවසන් ප්‍රහාරය කියලා. අපි දේශපාලන බේදයකින් තොරව දේශපාලනය පැත්තකින් තියලා තමන්ගේ අනෙකුත් දේවල් පැත්තකින් තියලා රට එකට එන්න ඕන. ආගම පක්ෂය අනෙකුත් දේවල්පසුව. අපිට ඉස්සෙල්ලාම විය යුත්තේ රට."

popular news
-
රජින්ද Monday, 22 April 2019 03:57 PM
ආගමික අන්තවාදය පෝෂණය කරමින් පසුගිය කාල වකවානුවේ ලොකු ලොකු කතා කියමින් සිටි මොවුන් දැන් අහිංසක වචන වලින් ජනතාව රවටන අන්දම පිළිකුල්සහගතයි.
Reply : 0 0
saman Monday, 22 April 2019 04:13 PM
මෙම ප්‍රහාර මූලධර්මවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදී කරනු ලැබූ බව පිළිගන්න......!
Reply : 0 0
wimal Monday, 22 April 2019 04:29 PM
අද බල්ලෝ කවි කියනවා ,,,,මිනිස්සු මිහිදන්වෙනවා ....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

