අංකුඹුර බැබිල ගොල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. අද (20දා) පෙ.ව. 8.40ට පමණ වෙඩි තැබීම සිදුව තිබේ. මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නුවර මහයියාවේ පදිංචි මොහොමඩ් අලී නම් සැකකරුවෙකු අත්අඅඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙන අතර වෙඩි තැබීමට යොදාගත් බව කියන ටී. 56 ගිනි අවියද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මධ්‍යම පළාත් පොලිස්පතිගේ මෙහෙයවීම මත පොලිස් කණ්ඩායම් හයකින් පරීක්ෂණ පවත්වයි. මියගොස් හා තුවාල ලබා ඇත්තේ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකි.
.jpg)