saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

breaking-news - timelapse 8052 hours ago

LATEST

ඇස්ට්‍රාසෙනෙකා හි ප්‍රතිලාභ අවදානම ඉක්මවයි - WHO

calendar_today 2021 මාර් 18 - 07:10 remove_red_eye - 459  

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත්කරණය දිගටම සිදුකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවල් වෙත නිර්දේශ කරයි.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 121,128,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

යුරෝපා ඖෂධ ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ එමර් කුක් කියා සිටියේ ඒජන්සිය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් ඇතිවූයේ යැයි කියන සංකූලතා සිද්ධීන් එකින් එක ඇගයීමට ලක් කරමින් සිටින අතර, ඒ පිළිබඳ වැඩිදුර සමාලෝචනය බ්‍රහස්පතින්දා අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

Read More

එඩින්බරෝ හි ආදිපාදවරයා වන පිලිප් කුමරු අසනීප තත්ත්වයක් සමග පසුගිය පෙබරවාරි 16දා කිං එඩ්වඩ් රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහුට කොවිඩ්-19 ආශ්‍රිත රෝගාබාධයකට ප්‍රතිකාර නොකෙරුණත්, ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වැඩිදුරට ප්‍රකට වීමක් නොවීය.

Read More

බ්‍රසීලයේ ප්‍රාන්ත 26න් 14ක් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කය රාත්‍රී ඇඳිරි නීතිය යටතේ පවතී. සාමාන්‍යයෙන් මෙම ඇඳරි නීතිය රාත්‍රී 8.00 සිට ක්‍රියාත්මක වේ. රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය සීමාව ඉක්මවා පිරී ඇති බැවින් නව රෝගීන්ට සහාය නොදක්වන තත්ත්වයක් උද්ගත වී ඇත.

Read More

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති කතාබහ නිසා මීට පෙර සිදුවීමට නියමිතව තිබූ මෙම එන්නත් වැඩසටහන කල් දැමුණත්, එය යළි ආරම්භ කරමින් එන්නත ලබාගැනීම ආරක්ෂිත බව ජනතාවට ඒත්තු ගැන්වීමට අගමැතිවරයාද මෙසේ එන්නත විදගෙන තිබේ.

Read More

මේ අතර චීනය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත් දෙවැනි තොගය ඊයේ (16දා) සිම්බාබ්වේ අගනුවර හරාරේහි රොබට් මුගාබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ තිබේ.

Read More

මියගිය අයගෙන් බොහෝ දෙනෙක් ආසියානු කාන්තාවන් බව ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති අතර, ඝාතනවලින් පැය තුනහ මාරකට පමණ පසු චෙරෝකි ෂෙරිෆ් කාර්යාලය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු 21 හැවිරිදි රොබට් ආරොන් ලෝන්ග් ලෙස හඳුනාගෙන ඇත.

Read More

ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය පෙරේදා (15දා) ප්‍රකාශ කළේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීම අත්හිටුවන බවයි. ඒ අනුව යුරෝපා රාජ්‍යයන් 16ක පමණ සම්පූර්ණ එන්නත් තොගය හෝ එහි තෝරාගත් කාණ්ඩ එන්නත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,670,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

යුරෝපීය ඖෂධ ඒජන්සියද පවසා සිටියේ රටවල් තම එන්නත්කරණය දිගටම කරගෙන යා යුතු බවය. එසේම, එලැඹෙන බ්‍රහස්පතින්දා රැස්වී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත නමුත් එන්නත් ලබාදීමේ ප්‍රතිලාභ ඕනෑම අවදානමක් ඉක්මවා යන බව යුරෝපීය ඖෂධ ඒජන්සිය අවධාරණය කළේය.

Read More

පාකිස්තාන ජනාධිපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත ජනාධිපතිවරයා සහ ආර්යාව ලබාගත් බවයි.

Read More

මැලේසියාව සිය ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ කොටසක් ලෙස සීනොවැක් එන්නත යොදා ගනිමින් බ්‍රහස්පතින්දා සිට එන්නත්කරණය ආරම්භ කරන බව සඳහන් කරයි.

Read More

කොවිඩ්-19 වසංගතය අතරතුර එරට සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වූ සිව්වැන්නා බවට ඔහු පත්වන අතර, මෙම නව පත්කිරීම ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ විසින් ඊයේ (15දා) නිවේදනය කරන ලදී.

Read More

චීනයේ ජාතික ඖෂධ සමූහය (සීනොෆාම්) විසින් නිපදවන ලද මෙම එන්නත වයස අවුරුදු 18ත් 60ත් අතර පුද්ගලයන්ට ලබාදෙන බව මාලදිවයිනේ ආහාර හා ඖෂධ පරිපාලනය සඳහන් කරයි.

Read More

යුරෝපයේ නිෂ්පාදිත කාණ්ඩ දෙකකින් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වීමත් සමග රටවල් ගණනාවක් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්ධන එන්නත් භාවිතය අත්හිටුවීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදහස් දක්වයි.

Read More

ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටවූ රටවල් අතරට ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, රුමේනියාව, පෘතුගාලය සහ ජර්මනිය අලුතින්ම එක්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,660,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

ඇය නියෝජනය කරන පක්ෂය කොරෝනා වසංගතය හමුවේ ජනතාවගේ අප්‍රසාදයට ලක්ව ඇති අතර, එන්නත්කරණය ප්‍රමාද කිරීම මෙන්ම, මුඛ ආවරණ ප්‍රසම්පාදනයේදී කොමිස් මුදල් ලබාගැනීමේ චෝදනාවන්ද එම පක්ෂයේ දේශපාලඥයන්ට එල්ල වී තිබේ.

Read More

නියෝජ්‍ය අගමැතිවරයා ට්විටර් පණිවුඩයක් යොමුකරමින් එරට ජනතාවගෙන් ඉල්ලා තිබුණේ තමන් සහ තම පවුලේ අය ආරක්ෂා කර ගන්නා ලෙසත්, හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නා ලෙසත්ය.

Read More

අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනුව දකුණු අප්‍රිකාවට මෙම රෝගයෙන් ජීවිත 51,261ක් අහිමි වී ඇති අතර, අප්‍රිකානු රටවල් අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන සෙසු රටවල් වන්නේ ඊජිප්තුව සහ මොරොක්කෝවයි.

Read More

දශකයකට වැඩි කාලයක් ඉස්ලාමීය අන්තවාදයේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින ජනාධිපති මුහම්මදු බුහාරිගේ ආරක්ෂක හමුදාවන් මුහුණදෙන තවත් දරුණු ඛේදවාචකයක් වී ඇත්තේ මෙම පාසල් දරුවන් පැහැර ගැනීමේ සිද්ධීන්ය. ආසන්නම සිදුවීම ලෙස පසුගිය බ්‍රහස්පතින්දා දරුවන් 39 දෙනෙකු පැහැරගෙන යෑම සිදුවිය.

Read More

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමග එක්ව සංවර්ධනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත යුරෝපීය සංගමයේ සහ බොහෝ රටවල භාවිත කිරීමට අවසරදී ඇති නමුත් තවමත් එක්සත් ජනපද නියාමකයන් විසින් ඊට අවසරය ලබා දී නොමැත.

Read More

’’ඔවුන්ට රෝගීන්ගේ අඩුවීමක් දක්නට ලැබුණා. ඔවුන් මුලින් ඉතා විශාල පීඩාවක් ලැබුවා. නමුත් මේ රෝගීණ් අඩුවීමත් සමග ඔවුන් අවන්හල් විවෘත කළා. බාර් කිහිපයක් විවෘත කළා. තරුණයින් විශේෂයෙන් මුඛ ආවරණ පැලඳීම නතර කළා. මේ සියලු කාරණා සමග හදිසියේම යළිත් වසංගතය හිස එසවීමට පටන්ගෙන තිබෙනවා.’’ ඉතාලියේ ඇතිවූ සිද්ධිය විස්තර කරමින් වෛද්‍ය ෆවුසි කියා සිටියේය.

Read More

අයර්ලන්ත ජාතික ප්‍රතිශක්තිකරණ උපදේශක කමිටුව නෝර්වීජියානු ඖෂධ ඒජන්සියේ නියෝගයක් පූර්වාරක්ෂාවක් ලෙස ඉදිරිපත් කර ඇති නමුත්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ මෙම සිද්ධීන් අතර කිසිදු සම්බන්ධයක් ඇති බවට තවම නිගමනයකට පැමිණ නැති බව සිය නිවේදනයෙන් කියා සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 119,835,500ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

මෙම නවතම ප්‍රභේදයේ, කොවිඩ්-19 පාලනය කිරීම සඳහා නව උපාය මාර්ග සැලසුම් කිරීම සංකීර්ණ කළ හැකි විකෘතියක් අඩංගු වන බවට ජාතික විද්‍යාගාරය අනතුරු ඇඟවා තිබේ.

Read More

උසාවියේදී, සාරා එවරාඩ්ගේ ඝාතකයා වූ 48 හැවිරිදි කොසෙන්ස්ට එරෙහි චෝදනා ඉදිරිපත් වූ අතර, ඔහු කතා කර තිබුණේ සිය නම සහ පෞද්ගලික තොරතුරු තහවුරු කිරීම සඳහා පමණි. මාර්තු 16 වැනි දින එංගලන්තයේ සහ වේල්සයේ මධ්‍යම අපරාධ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.

Read More

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ඩි සිල්වාට චීනයේ කොරෝනා මර්දන එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ඊයේ (13දා) සාඕ පවුලෝ නගරයට ආසන්නයේ පිහිටි සාඕ බර්නාඩෝ ඩූ කැම්පෝහිදී ලබාදී තිබේ.

Read More

මෙම ජාතික අගුලු දැමීම හරහා එරට පාස්කු සති අන්තය යෙදෙන අප්‍රේල් 3 සිට 5දා දක්වා සියලුම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමෙනු ඇති අතර, මෙවැනි අවස්ථාවක ඉතාලියානුවන්ගේ අඛණ්ඩ ඉවසීමේ ගුණය ගැන ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රැගි එරට ජනතාවට සිය ස්තූතිය පුද කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.