ලෝකයේ කොතෙකුත් පිහිනුම් තටාක ඇතත් සිත්ඇදගන්නාසුලු පිහිනුම් තටාක මිනිසා අතින් නිර්මාණය වූවායැයි සිතීමත් පුදුම සහගත සිතුවිල්ලකි.
01. Shaw House, Vancouver- Canada
'ෂෝ හවුස්' යනු තනිව ජීවත්වන මිනිසෙකු විසින් නිර්මාණය කළ නිවසකි. එහි නිදන කාමරය, අධ්‍යයන කාමරය, සංගීත කාමරය, ආලින්දයට උඩින් පිහිටා ඇති වහලය වන්නේ නිවසේ ඇති පිහිනුම් තටාකයයි. ඇත්ත වශයෙන්ම එය මෙම නිවසේ සිවිලිම ලෙසද සැලකිය හැක. සූර්යාලෝකය නිවසේ මධ්‍යම ප්‍ර‘දේශයට පතිතවීම ඔහුට ජීවයේ හැඟීම ගෙන දෙන්නක් බව හිමිකරු පවසයි.
02. Ubud Hanging Gardens Resort, Bali - Indonesia
ඉන්දුනීසියාවට අයත් වර්ග කිලෝමීටර් 5780ක් පමණ වන දූපතක් වන බාලි දූපතෙහි මෙම 'උබඩ් හැඟින්' 'ගාර්ඩන්ස් රිසෝට්' පිහිටා ඇත. මෙය ගිනි කන්දක් මැද
පිහිටි සුඛෝපභෝගී නිවාඩු නිකේතනයකි. වනාන්තර, සතුන්, සිවුපාවුන් සමග ස්වභාව සෞන්දර්ය විඳිමින් ඉතා හොඳ අත්දැකීමක් විඳ ගැනීමට හැකි ලෙස දූපතේ ඉතාමත් උස් ප්‍රදේශයක මෙම තටාකය පිහිටා තිබේ.
03. Nemo 33, Belgium
බෙල්ජියමේ ඉදිකර ඇති මෙම නෙමෝ 33 පිහිනුම් තටාකයේ ගැඹුර අඩි 115ක් දක්වා පමණ වේ. එහි පරිමාව ජලය ලීටර් 2500000 පමණ වේ. මෙය වැඩිපුර භාවිත වන්නේ කිමිදුුම් කටයුතු පුහුණු කිරීම සඳහාය. මෙහි ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 වන ලෙස තාප ජනක යන්ත්‍ර මගින් පවත්වාගෙන යයි.
Marina Bay Sands Skypark, Singapore
2010 වසරේදී මෙය ඇමෙරිකානු ඩොලර් බිලියන 08ක වියදමකින් යුතුව 'මරිනා බේ' නමින් සිංගප්පූරුවේදී ආරම්භ විය. 'Sands Skypark' යනු එහි ඉදිකළ නෞකාවක් මෙන් වූ පිහිනුම් තටාකය පිහිටි උද්‍යානයයි. මෙය මීටර් 340ක දිගින් යුතු වන අතර පිහිනුම් තටාකය මීටර් 150ක පමණ දිගකින් යුක්තය.
05. Joule Hotel, Dallas – United States
1927දී ඉදිකරන ලද මෙය එවකට ඩලස් ජාතික බැංකු ගොඩනැගිල්ල විය. නමුත් කිසියම් පුද්ගලයෙකු විසින් මෙය මිලදී ගෙන කාමර 164කින් යුත් හෝටලයක් බවට පත්කර 'ජූල් හෝටලය' ලෙස නම් කරන ලදී. මෙහි 10වන තට්ටුවේ ඉදිකර ඇති එළියට නෙරා ඇති පිහිනුම් තටාකය මෙහි කැපී පෙනෙන අංගයක් ලෙස පෙන්වාදිය හැක
06. Seagaia Ocean Dome, Japan
ලෝකයේ විශාලතම ජල උද්‍යානය ලෙස මෙය සැලකෙන මෙය ජපානයේ ඉදිකර ඇත. ගිනස් ලෝක වාර්තාවට අනුව මෙහි දිග මීටර් 300කුත් පළල මීටර් 100කුත් පමණ විශාලත්වයකින් යුක්තය. මෙය 1993දී ආරම්භ කළ අතර, එවකට වසරකට සංචාරකයන් පැමිණීම මිලියන 1.25ක තරම් ඉහළ අගයක් ගැණිනි.
Aquarium Pool at the Golden Nugget, Las Vegas –Nevada
ඇමරිකාවේ උප ප්‍රාන්තයක් වන නවාඩාහි, ලාස් වේගාස්වල පිහිටා Golden Nugget සුඛෝපභෝගී හෝටලයේ කාගේත් සිත්නෙත් ඇද ගන්නා මනරම් මින්මැදුරු පිහිනුම් තටායක් ලෙස මෙය හැඳින්විය හැකිය. එසේ වීමට හේතුව වන්නේ මෙහි පසුබිමින් ඇති මනරම් වූ මින්මැදුරයි. එහි ඇති මෝරුන් තල්මසුන් සමග හරි හරියට පිහිනනවා සේ අත්දැකීමක් ලබාගැනීමට මෙහිදී හැකියාව ලැබේ.
- දිනිත් කනිෂ්ක