01) මියන්මාරයේ මණ්ඩාලේ කඳුවැටියේ පිහිටි කුතාඩෝව් (Kuthadaw Pagoda) නම් ස්ථානයේ ශෛල්‍යමය නිර්මාණයක් ලෙස මෙය පිහිටා ඇත.
02) පිටු 730කින් හා පැති 1460කින් යුතු එම අපූරු නිර්මාණයෙහි පිටුද ගලින්ම නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
03) අඩි 05ක් උසැති, අඩි 3.5ක් පළලැති හා අඟල් 05ක ඝනකමකින් යුතු එම සෑම පිටුවක්ම ඊටම ආවේණික වූ විශේෂිත ගෘහයක පිහිටා ඇත්තේ ලොව විශාලතම පොතට අපූරු හැඩයක්ද එක් කරමිනි.
04) මින්ඩොන් මින් (Mindon Min) නම් රජතුමාගේ අදහසකට අනුව නිර්මාණය කිරීම ඇරඹුණු මෙහි මූලික වැඩකටයුතු අවසන්ව ඇත්තේ 1868 වසරේදීය.
05) ථේරවාදී බුදුදහමේ ත්‍රිපිටකය පිළිබඳ පාලි භාෂාවෙන් ලියවුණු එම එක් පිටුවක වචන පේළි 80-100ත් අතර සංඛ්‍යාවක් පවතී.
06) එමෙන්ම මෙම පොත නිර්මාණය කර අවසන් කිරීමට වසර අටකට ආසන්න කාලයක් ගතවී ඇතැයිද පැවසේ.
07) ගලෙහි නෙළන ලද මෙම පොතෙහි මුද්‍රණ පිටපත් 1990ක් පසුව නිකුත් කෙරෙණු අතර, ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ හන්තාවාඩි (hanthawaddy) නම් මුද්‍රණාලයේ හිමිකරු හා ප්‍රකට ප්‍රකාශකයෙකු වූ ෆිලිප් එච්. රිප්ලි (Philip H. Riply නමැත්තාය.
සප්නා කුරේ