01) දියයට පා පන්දු (Underwater football)
පිහිනුම් තටාකයක් යොදා ගනිමින් සිදු කරනු ලබන මෙම ක්රීඩාව සඳහා එක් කණ්ඩායමකට 13 න් දෙනෙකු සිටිය යුතු අතර, එක් වරකට ක්රීඩා කළ හැකි ක්රීඩකයන් ගණන 05 කි. 1967 ප්රථම වරට මෙම ක්රීඩාව ආරම්භ කර ඇති අතර කැනඩාව තුළ ඉතා ජනප්රියත්වයක් උසුලයි.
02) දියයට හොකි ( Underwater Hockey)
1954 වර්යේදී මූලික ලෙස ආරම්භ වූ මෙම ක්රීඩාව එංගලන්තයේදී තරගයක් ලෙස ප්රථමවරට පවත්වා ඇත. මෙහිදී එක් වරකට ක්රීඩකයන් 06 පමණක් ක්රීඩා කරයි.
03) දියයට ඉලක්කයට වෙඩි තැබීම (Underwater Target shooting)
මෙම තරගය කාන්තා, පිරිමි වශයෙන් පැවැත්වෙන අතර පිහිනුම් තාටාකය පතුලේ සෙන්ටීමීටර 35 යන දුර ප්රමාණයක් යටතේ ඉලක්ක කර තරග පැවැත්වේ.
04) දියයට මල්ලවපොර (Underwater wresting)
මොස්කව් නුවරදී ප්රථම වරට 1982 වර්ෂයේදී හඳුන්වා දුන් මෙම ක්රීඩාව තරග වට තුනක් යටතේ පැවැත්වේ. එක් වටයක් අවසන් වීමට තත්පර 30 කාලයක් ගතවේ.
05) දියයට කිමිදීම (sport diving)
2000 වර්ෂයේදී ස්පාඤ්ඤයේ ප්රථම වරට ආරම්භ කළ මෙම ක්රීඩාවේ තනි තනි වශයෙන් මෙන්ම කණ්ඩායම් වශයෙන්ද තරග කළ හැකිය.
06) දියයට රග්බි (Underwater Rugby)
ක්රීඩකයන් 12 න් යුත් කණ්ඩායමක් මෙහි ක්රීඩා කරන අතර, 1961 වර්ෂයේ ප්රථම වරට හඳුන්වාදී ඇත. වර්තමානය වනවිට මෙය ඉතා ජනප්රිය ක්රීඩාවකි.
07) දියයට පාපැදි තරග (Underwater cycling)
දකුණු කැලිෆෝනියාවේ ප්රචලිත ක්රීඩාවක් වන මෙය නිව්යෝක් හී අෂ්රිටා තමන් 2001 වර්ෂයේදී ගිනස් වාර්තාවක්ද පිහිටුවා ඇත.
f
ශෙහානි දිල්රුක්ෂිකා