බැබිලෝනියානු ශිෂ්ටාචාරය පිළිබඳ කරුණු 7ක්
- 22 02 2018
- 10:38
- {{hitsCtrl.values.hits}} views
- ඉන්ද්‍රමූර්ති ජයසූරිය
01. වසර 6000කට පෙර යුප්ර්රටීස්, ටයිග්‍රීස් ගංගා අතර ඇති භූමි ප්‍රදේශයේ බැබිලෝනීය ශිෂ්ටාචාරය මුලින්ම පැවතිණි. මෙහි ජීවත් වූ ජනතාව හැඳින්වූයේ බැබිලෝනියන්වරු වශයෙනි. බැබිලන් නගරය ප්‍රසිද්ධියට පත් වූයේ ක්‍රි.පූ. 1792 – 1750 අතර කාලයේ හමුරාබි රජුගේ කාලයේදීය.
02. බැබිලෝනියානු සුමේරියන් ශිෂ්ටාචාරයේද මිනිසුන්ගෙන් වඩාත් බුද්ධිමත් වූයේ පූජකවරුන්ය. ඉන් ප්‍රකට ඡෝතීර් විද්‍යාඥයන් සහ ගණිතඥයන් සිට ඇත. මැටි පුවරු සකස් කොට පොත් වශයෙන් යම් කරුණු සටහන් කර තැබීමට ඔවුහු පුරුදුව සිටියහ.
03. මෙසපොතේමියාව එක්සත් කිරීමටත් හමුරාබි රජුට හැකි විය. මෙම ශ්‍රේෂ්ඨ පාලකයාගේ අධිරාජ්‍යය පර්සියන් බොක්කේ සිට නිනවේ ප්‍රදේශයෙන් උතුරටද ඊළාම කඳුවල සිට බටහිරින් සිරියාව දක්වා විහිදී තිබුණි. ඔහුගේ රාජ්‍ය කාලය තුළ යටත්වැසියාගේ අභිවෘද්ධිය පැතූ ඔහු මෙසපොතේමියානු සිරිත් විරිත්වලටද ගරුකොට සලකා ඇත.
04. බැබිලෝනියන්වරු තාරකා ශාස්ත්‍රයද දැන සිට ඇත. ඔවුන් දවසේ පැය 24 විනාඩි තත්පර වශයෙන් බෙදා පෙන්වීමට සමත්ව සිටි බවට කරුණු ඇත. වාර්ෂික ලිතෙහි ආරම්භකයා ලෙස මොවුන් වාර්ෂික ලිතක්ද සකසා තිබේ.
05. බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ මැටි පොත්වල භාවිත කළ අක්ෂර උල්හැඩයක ස්වරූපයකි. බැබිලෝනියන්වරු පළමුවෙන් තම නගරය සංවර්ධනය කොට ඇත. මෙසේ දියුණු කර නගරයක් ලෙස ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ බැබිලන් නගරය හැඳින්විය හැකිය. ඉන් පසුව ඔවුන් ඔවුන්ගේ ලේඛන කලාව දියුණු කොට ඇත.
06. ක්ර්රි.පූ. 1600 – 1580 කාලයේදී බෝඝන්කෝයි ප්‍රදේශයේ සිටි හිටයිට්වරු මුර්සිලස් නම් ඔවුන්ගේ රජු යටතේ බැබිලන් නගරය ආක්‍රමණ කර විනාශ කළහ. ඒ වන තෙක් කුසයිට්වරු වසර 400ක් බැබිලන් සිහසුන හෙබවූහ.
07. බැබිලෝනියාවේ අවසන් රාජවංශ ක්‍රි.පූ. 626 දී ඛල්දියානුවරු විසින් බිහි කළහ. මෙම රාජවංශයේ බලවත්ම පාලකයා වූ ක්‍රි.පූ. 605 – 562 දක්වා කාලයේ රජ කළ දෙවැනි නෙබුකද්නෙසර් රජතුමා ජෙරුසලම ඇතුළු රාජ්‍යයන් අල්ලාගෙන රාජ්‍ය පුළුල් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

