පාපන්දු ලෝක කුසලානය පිළිබඳ කරුණු 07ක්
- 24 10 2017
- 10:07
- {{hitsCtrl.values.hits}} views
- ඉන්ද්රමූර්ති ජයසූරිය
01. පළමු ලෝක කුසලාන තරගාවලිය 1930 දී ආරම්භ කළ අතර, ජයග්රාහකයන්ට පිරිනැමුණු රන් කුසලානය හැඳින්වූයේ 'ජූල්ස් රිමේට්' යන නමිනි.
02. වසර හතරකට වරක් පවත්වන මෙම තරගාවලිය දෙවැනි ලෝක යුද්ධ සමයේදී නොපැවැත්වූ අතර, 1938න් පසුව නැවත පවත්වන ලද්දේ වර්ෂ 1946දීය. එවකට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ උපසභාපතිවරයෙකුව සිටි ඉතාලි ජාතික අචාර්ය ඔටෝරීනෝ බරාසි සතුරන්ගෙන් කුසලානය රැකගෙන ඇත්තේ එය පාවහන් පෙට්ටියක සඟවා තැබීමෙනි.
03. මෙම තරගාවලිය ආරම්භ කිරීමෙහිලා පුරෝගාමීත්වයක් ගෙන කටයුතු කළ ජූල්ස් රිමේට්ට කරන ගෞරවයක් ලෙස 1946 දී මෙම කුසලානය 'රිමේට් කුසලානය' නමින් හඳුන්වන ලදී.
04. 1970න් පසු ලෝක කුසලාන 'ෆීෆා' නමින් නම් කෙරුණු අතර, කුසලානය සඳහා ආකෘති 53ක් ඉදිරිපත් කෙරිණි. අවසානයේදී ඉතාලි ජාතික මූර්ති ශිල්පියෙකු වන සිල්වියෝ ගැසෑනිගාගේ ආකෘතිය අනුමත විණි.
05. වර්තමානයේද භාවිත කරන්නේ එම ලෝක කුසලානයයි. එය උස සෙන්ටිමීටර් 36ක් වන අතර, කැරට් 18 තනි රත්රංවලින් නිර්මාණය කර තිබේ. මෙහි බර ග්රෑම් 6175කි.
06. ලොක කුසලානය දිනාගන්නා රටෙහි නම කුසලානයේ සටහන් කරන අතර, මේ වනවිට ආර්ජන්ටිනාව, ජර්මනිය හා බ්රසීලය යන රටවල කණ්ඩායම් මෙම කුසලානයේ දෙවරක් බැගින් තම නම සටහන් කර ගෙන ඇත.
07. වර්තමානයේ පවතින ලෝක කුසලානය වසර 2038 දක්වා පවතිනු ඇතැයි විශ්වාස කෙරේ. ඊට හේතුව වන්නේ ජයග්රාහකයන්ගේ නම් 2038 දක්වා සටහන් කිරීමට ඉඩ ඇති බැවිනි.
තොරතුරැ - www.fifa.com
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


