දත් ගැන කරුණු 07ක්
- 12 09 2017
- 09:42
- {{hitsCtrl.values.hits}} views
- . .
සාමාන්‍යයෙන් අප හැමදෙනාම පාහේ තමන්ගේ දත් හොඳින් පවත්වා ගැනීම වෙනුවෙන් දෛනිකව කිසියම් කාලයක් කැප කරනු ලබයි. ඇතැම්විට එම කටයුතු හිතාමතාම කිරීමටත් වඩා පුරුද්දකට මෙන් කරන බව පැහැදිලිවම දැකිය හැක.
01. කුඩා දරුවෙකුගේ මුවෙහි මෝදු වන දත් හඳුන්වන්නේ කිරි දත් යනුවෙනි. ඒවා ගණනින් 20ක් වන අතර, මේවා සියල්ලම ළමා වයසේදී හැළී යයි.
02. කිරි දත්වලින් පසුව වැඩෙනුයේ ස්ථිර දත්ය.( Permanent teeth)මෙම දත් ආරක්ෂා කරගත හොත් ජීවිත කාලය පුරාම පවතිනවා මෙන්ම, ඒ දත් විනාශ වුවහොත් ඒ වෙනුවට නැවත දත් නොවැඩේ.
03. දත්වලින් විශාල කාර්ය භාරයන් සිදුවන අතර, ආහාර විකීම ඉන් ප්‍රධාන තැනක් ගනී. ආහාර විකීම කරන්නේ යටි හනුව චලනය කිරීම මගින් වන අතර, උඩු හනුව හැම විටම නිශ්චලය.
04. මිනිසාට තිබෙන ස්ථිර දත් ගණන 32කි. ඒවා 16 බැගින් දත් ඇඳි 02ක් ලෙස පිහිටා ඇත. උඩු ඇන්දේ දත් උඩු හනුවටත් යටි ඇන්දේ දත් යටි හනුවටත් (අධෝ හනුවටත්) සම්බන්ධය.
05. මිනිසාගේ දත් වර්ග 4කි. එනම්,
කෘන්තක (incisors) - 8
රදනක (canines) - 4
පුරස්චාර්වක (pre- molars) - 8
චාර්වක (molars) -12
06. දත් වර්ග හතර අතුරින් අවසාන චාර්වක දත් 4 වැඩෙන්නේ වයස අවු. 17-24අතර කාලයේදී වේ. මෙම දත් ඥාන දත් (wisdom teeth) ලෙසද හඳුන්වයි.
07. දන්ත පෝෂණය ඉතාම වැදගත් වන අතර, දත් වැඩීමට අත්‍යවශ්‍ය වන ෆ්ලෝරයිඩ් (fluoride) සිරුරට ලැබෙන ප්‍රධානතම මාර්ගය වන්නේ ජලයයි.
- සහන් රසාංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

