ඔසු ශාක පොතු පිළිබඳ කරුණු 07ක්
- 13 09 2017
- 09:55
- {{hitsCtrl.values.hits}} views
- . .
මූනමල් පොතු
දත් මුල් දියවීම, දත්වල දුබලතා, මුඛ දුර්ගන්ධයට බොහෝ සෙයින් යොදා ගන්නා අතර, මූණමල් පොතු තම්බා කට සේදීමෙන් ඉහත කී රෝගය වළක්වාගත හැකිය.
කොකුම් පොතු
සර්ප දෂ්ට කිරීම්වලදී, ඇස් රෝග, සන්ධි ඉදිමුම් මෙන්ම චර්ම රෝගවලටද, සමේ වර්ණය වර්ධනයටද, පිවිතුරු බවටද මෙය බොහෝ සෙයින් උපකාරී වේ.
අශෝක පොතු
මෙය මුත්රා දැවිල්ල, අර්ශස් රෝගවලට විශිෂ්ට ඖෂධයක් මෙන්ම ප්රත්යක්ෂ අරිෂ්ටයක්ද වේ.
කොතල හිබුටු
ප්රධාන වශයෙන්ම දියවැඩියා රෝගයට ප්රත්යක්ෂ ඖෂධයක් ෙවනවා මෙන්ම දියවැඩියා රෝගීන්ට කොතල හිබුටු දඬු තම්බා වතුර පානය කිරීම වඩා සුදුසු වේ.
මාදං පොතු
දියවැඩියාව රෝගයට හා තුවාල සේදීමට මාදං පොතු යොදා ගන්නා අතර, පිළිස්සුම් තුවාලවල කැළැල් මැකීමටද මේවා උපකාරී වේ.
බෝඹු පොතු
උළුක්කු, තැලීම්, මස්පිඩු ඉදීමීමට ප්රධාන වශයෙන්ම යෙදා ගනී.
මගුල් කරඳ පොතු
උළුක්කු, තැලීම්, අස්ථි කැඩුම් බීඳීම්වලදී මෙන්ම අර්ශස් රෝගීන්ටද ඉතා සුදුසුය.
සඳලිකා සුනාලි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

