සාර්ථකත්වයට පාර කියන කරුණු 07ක්
                                 -  5 09 2017 
                                 -  14:47
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - . . 
                                
                            
                        
                        01 කැමති දෙයකින් ආරම්භ කරන්න -දෙයක් ආරම්භ කිරීමට අමාරුම, අපහසුම තැනින් නොව අප කැමැතිම දෙයකින් ආරම්භ කිරීම වැදගත්ය. එසේ කළහොත් එය වැඩි සාර්ථකත්වයකින් නිමකළ හැකිය.
02 අද කරන්න තියෙන දේ අදම කරන්න - බහුතර පිරිසක් අසාර්ථක වීමට ප්‍රධාන හේතුව අද කළ යුතු දේ හෙට දිනයට කල් දැමීමය. අද දවසේ කිරීමට අවශ්‍ය වැඩකටයුතු අද දවසේම අවසන් කළ යුතුය. සැබැවින්ම සාර්ථකත්වයට පත්වූ පුද්ගලයන් හා අප අතර ඇති ප්‍රධානතම වෙනස මෙය වේ.
03 කුඩා සිහින නොව ලොකු සිහින දකින්න - අප සෑම අයෙකුම අනාගතය ගැන සිහින දකින්නන්ය. එහෙත් ඇතැම් පුද්ගලයන් ලොකු සිහින දකිද්දී ඇතමෙක් කුඩා සිහින ඇතුළෙහිම ජීවත් වෙති. සැබැවින්ම සාර්ථක විය යුතු නම්, කුඩා සිහිනවලට තිත තැබිය යුතුය.
04 අතහැරීමට පෙර නැවත උත්සාහ කරන්න - එක්වරක්, දෙවරක් අසමත් වුණායැයි අත්නොහැර නැවත වතාවක් උත්සාහ කිරීම සාර්ථකත්වයට ප්‍රධාන හේතුවයි. අත්හැරිය හොත් පරාජිතයෙක් වී අසමත් වෙනවා සේම, උත්සාහ කළොත් ජයග්‍රාහී, සාර්ථක පුද්ගලයෙක් වීමට පුළුවන.
05 තමන් ගැන විශ්වාසය තියාගන්න - 'මට කරන්න බැරිවෙයි, ඒක අමාරුයි, අපට හිරියන එකක් නෑ' යැයි නොව 'ඔව් මට පුළුවන්' යැයි සිතන්නේ නම්, තමන් ගැන තමන්ට විශ්වාසයක් ඇතිකර ගත හැකිය. එය සාර්ථකත්වයේ මාවතයි.
06 ඉලක්කයක් ඇතිව වැඩ කරන්න - ඍජු ඉලක්කයක් තබා ගතහොත් පමණක් ඉලක්කයට ළඟාවිය හැකිය. අප සතු සියලුම ශක්තිය හා බලය තෝරාගන්නා ඉලක්කයක් වෙත එල්ල කිරීමෙන් ඉලක්කය කරා ගමන් කළ හැකිය.
07 අතීතය ගැන නොව අනාගතය ගැන සිතන්න - අතීතයේ සිදුවූ දේ ගැන සිතමින් දුක්වන්නේ නම්, සාර්ථකත්වයට එය බාධාවකි. අතීතයෙන් ඔබ්බට අනාගතය සාර්ථක කරගැනීමට නම්, අද උපරිමයම කළ යුතුය. එවිට අපට නොදැනීම අපගේ අනාගතය සාර්ථකත්වයට ළඟාකර ගත හැකිය.
සහන් රසාංග
	
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                