ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිළිබඳ කරුණු 7ක්
- 12 02 2017
- 11:09
- {{hitsCtrl.values.hits}} views
- . .
01 මෙය කායික හිංසනය, ලිංගික හිංසනය, මානසික හිංසනය හා ආර්ථික හිංසනය වශයෙන් බෙදා වෙන් කරන අතර, එක් පුද්ගලයෙකු එක් ආකාරයකින් හෝ කිහිප ආකාරයකින් හිංසනයට ලක්විය හැකිය.
02 කාන්තාවන් මෙන්ම පුරුෂයන්ද ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට ලක්විය හැකි වුවත්, වැඩි වශයෙන්ම මෙම හිංසන ක්‍රියාවන්ට ලක්වන්නේ කාන්තාවන්ය.
03 ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙක්ම ජීවිතයේ කිසියම් අවස්ථාවක හෝ හිංසනයට ලක්වන බව සොයාගෙන ඇත. මෙය නිවසේ, කාර්යාලයේ හෝ පොදු ප්‍රවාහන රථයක වුවද සිදුවිය හැකි නමුත්, වැඩි වශයෙන්ම කාන්තාවන් හිංසනයට ලක්වනුයේ තම නිවසේදී ඇගේ සහකරුගෙනි.
04 මෙලෙස හිංසනයට ලක්වන්නන් විවාහක / අවිවාහක, දුප්පත් / පොහොසත්, ජාති / ආගම් භේදයකින් තොරව ඕනෑම සමාජ ස්ථරයකට අයත් පුද්ගලයන් විය හැකිය.
05 හිංසනයට ලක්වන බොහෝ දෙනා ලජ්ජාව නිසා හෝ හිංසකයාට ඇති බිය වැනි දේ නිසා ඒ පිළිබඳ කිසිවෙකු සමග පවසන්නට පසුබට වෙති.
06 මෙවැනි හිංසනයක් රහසක් සේ තබා නොගෙන ඒ පිළිබඳ ඥාතියෙකුට, අසල්වාසියෙකුට, සෞඛ්‍ය නිලධාරියෙකුට,ප්‍රජා සේවකයෙකුට, ආගමික නායකයෙකුට, පොලීසියට හෝ අධිකරණයට දැනුම්දීමෙන් සහනයක් ලබාගැනීමේ හැකියාව ඇත.
07 ගෙදර හිංසන ක්‍රියාවන් දකින දරුවන්ට මානසික ආබාධ, ඉගෙනීමේ දුර්වලතා, හිංසාකාරී හැසිරීම් මෙන්ම පසුකාලීනව සමාජ සම්බන්ධතාවල ගැටලුද ඇති විය හැකිය.
ඔබට උපකාර අවශනම් සම්බන්ද වියහැකි ආයතන කිහපයක්
මිතරු පියස - පවුල් සෞඛ්‍ය කාර්යාංහය 011 3 040 541, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංහය 011 2 826 444, ජාතික ළමාරක්ෂණ අධිකාරිය 1926, කාන්තා පිහිට 011 4 718 585, ශ්‍රී ලංකා නීති ආධාර කොමිසම 011 5 335 329
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

