සමුද්‍ර පරිසර දූෂණය හා එහි අහිතකර බලපෑම් 7ක්
මිනිසා විසින් සෘජුව හෝ වක්‍රාකාරව සමුද්‍ර පරිසරයට නොයෙක් ද්‍රව්‍ය හෝ පරිසර දූෂක ශක්තීන් එකතු කිරීම නිසා මුහුදු ජලයේ ගුණාත්මකත්වය හා සාගරයේ සුන්දර බව හීන කරන්නා වූ තත්ත්ව ඇති වේ. මේ තුළින් මිනිසාගේද සෞඛ්‍යයට මෙන්ම ධීවර කර්මාන්තය වැනි සාගරය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලට බාධාකාරී තත්ත්ව ඇතිවෙයි.
01. ඛනිජ තෙල් මුහුදට එක්වීම නිසා වෙරළ තීරයට, සාගරය හා අපගේ සමුදුර පරිසර පද්ධතිය ලෙස සැලකෙන වැලි සහිත වෙරළ, කඩොලාන, කොරල්පර, මුහුදු තෘණ, මුහුදු ජීවීන් කලපු සහ මෝය යන අාදියට දැඩි ලෙස බලපෑම් ඇති කරයි.
02. විනෝදාත්මක කටයුතු සඳහා මෙන්ම සංචාරක ව්‍යාපාරයේදී කොරල්පරවලට ලැබෙන්නේ ප්‍රධාන තැනකි. වෙරළ ඛාදනයෙන්් ආරක්ෂා කර ගැනීමේ කාර්යයට ප්‍රබල දායකත්වයක් දක්වන කොරල්පර මුහුදු වෙරළට ඇති කරන්නේ සුන්දරත්වයකි.
03. කලපු සහ වගුරුබිම් ආශ්‍රිතව තෙල් හා රසායන ද්‍රව්‍ය ආදියෙන් දූෂණය වූ විට මිනිසාගේ සෞඛ්‍යයට අහිතකර තත්ත්ව ඇතිවෙයි. කලපු හා වගුරුබිම් ජලය රඳවා ගැනීමේ වැඩි නැඹුරුවක් පෙන්වයි. එවැනි ප්‍රදේශවලින් අල්ලා ගන්නා මත්ස්‍යයන් කකුළු විශේෂ හා ඉස්සන් ආහාරයට ගන්නා මිනිසුන්ගේ ශරීර ද විවිධ රෝගාබාධයනට ලක්විය හැකිය.
04. වැලි සහිත වෙරළ පක්ෂීන්ට හා වෙනත් ජීවින්ට වැදගත් පරිසරයක් වෙයි. සංචාරක ව්‍යාපාරයේදී ඉහළ ආර්ථික වටිනාකමක් ලබාෙදයි. මේ ප්‍රදේශවල ඛනිජ තෙල් වර්ග තැන්පත් වීම නිසා සුන්දරත්වය විනාශ වී යයි. විශේෂයෙන් කැස්බෑවන්ට වෙරළ මතුපිට තෙල් ඒකරාශි වීම දැඩි ලෙස බලපෑම් ඇති කරනු ලබයි.
05. ඛනිජ තෙල් මත්ස්‍ය බිත්තරවලට හානිදායි වන අතර ඒවා විනාශවීමට ලක්වේ. එමගින් මත්ස්‍ය ගහනයට සෘජු බලපෑම් ඇතිෙවයි.
06. ඛනිජ තෙල් මගින් සිදුවන සමුද්‍ර දූෂණය හේතුවෙන් කඩොලාන පරිසරය මත හානිකර බලපෑම් ඇතිකරයි. කඩොලාන පත්‍ර හැළී ශාක මියයාම වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය. මෙම පරිසරයේ ජීවත්වන බොහෝ සත්ත්ව විශේෂද විනාශ වී යයි.
07. සමුද්‍ර දූෂණයෙන් තොර ආරක්ෂාකාරි පරිසරයක් සඳහා අප කැපවීමෙන් සාගර සම්පත් ඇතුළු ස්වාභාවික සම්පත් සුරැකිය යුතුය. එවිට ඒවා තිරසාරව පවත්වා ගත හැකිය. මිනිසාට හොඳ ජීවන තත්ත්වයක් හා වැඩි ආදායමක් දූෂණයෙන් තොර සශ්‍රීක පරිසරය මගින් තහවුරු වෙයි. නිරොගී ජීවිත හිමිවෙයි.
popular news
- 
                            
Suwintan Friday, 09 September 2022 01:19 PM
Natha
Reply : 0 2
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                