ශ්‍රී ලංකාවේ වනාන්තර පිළිබඳ කරුණු 07 ක්
- 31 01 2017
- 12:06
- {{hitsCtrl.values.hits}} views
- . .
01 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ස්වාභාවික වනාන්තර වැස්ම එහි මුළු භූමි ප්‍රමාණයෙන් 31% කි.
02 නමුත් මින් ඝන වනාන්තර ලෙස හැඳින්විය හැකි වන්නේ 23.9% ක් පමණි.
03 මේවා අතරින් සිංහරාජය සහ ශ්‍රී පාද අඩවිය ඇතුළුව පහතරට සහ කඳුකර වැසි වනාන්තරවල ජෛව විවිධත්වය සමස්ත දකුණු ආසියාවේ වනාන්තරවල ජෛව විවිධත්වයට සාපේක්ෂව ඉහළම අගයක් ගනී. මේ හේතුවෙන් මේවායේ සංරක්ෂණය මුළු දකුණු ආසියානු කලාපයටම වැදගත් වේ.
04 මින්නේරිය, ගිරිතලේ, විල්පත්තු ඇතුළු ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන මෝසම් වනාන්තරවල හා කඩොලාන වනාන්තරවල ජෛව විවිධත්වයද සැලකිය යුතු අගයක් ගනී.
05 මීට අමතරව ශ්‍රී ලංකාවේ බහුලවම දක්නට ලැබෙන පාරම්පරික ගෙවතු උයන් හා කුළුබඩු උයන්වල ප්‍රතිශතය ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 15% ක් වන අතර, මේවා කෘෂි ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමට බෙහෙවින් ඉවහල් වේ.
06 මෙම වනාන්තරවලින් අතිශයින් වැදගත් පාරිසරික සේවා රැසක් (උදා - ආහාර, ජලය, දැව, පාංශු සංරක්ෂණය සහ දේශගුණික සමතුලිතතාව නිසි ලෙස පවත්වාගැනීම ආදිය) ඉටු වුවද ඒවායේ වටිනාකම පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් නොයෙකුත් ආකාරයේ වන විනාශයන් සිදු වීම ශීඝ්‍ර‘යෙන් ඉහළ යමින් පවතී.
07 මෙවැනි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා නිසි සැලසුමකින් යුත් වන ප්රතිෂ්ටාපන ක්‍රියාවලියක් සමාජගත කිරීම කාලීන අවශ්‍යතාවකි.
තොරතුරු - මහාචාර්ය (විශ්‍රාමික) නිමල් ගුණතිලක මහතා, උද්භිද විද්‍යා අධ්‍යයනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

