වෘක්ෂයන් පිළිබඳ ඔබ නොදත් කරුණු 07ක්
                                 -  24 01 2018 
                                 -  10:10
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - නඳුන් ශ්‍යාමාල් 
                                
                            
                        
                        01. කැලිෆෝනියා ජාතික වනෝද්‍යානයේ තිබෙන 'General Sherman'නමින් හැඳින්වෙන 'Sequoia' නම් ශාක විශේෂයට අයත් වෘක්ෂය දැනට ලොව හඳුනාගෙන ඇති විශාලතම වෘක්ෂයයි. එහි උස අඩි 275ක් වන අතර, එහි කියුබික් අඩි 52000ක දැව ප්‍රමාණයක් අන්තර්ගතය. මෙම වෘක්ෂයේ සම්පූර්ණ ඡායාරූපයක් ලබා ගැනීමටද ඉතා අපහසුය.
02. සාමාන්‍ය විශාලත්වයකින් යුතු ගසකට එක් දිනකදී ජලය ගැලුම් 100ක් පමණ අවශෝෂණය කරගෙන එය වායු ගෝලය වෙත මුදාහැරීමට හැකියාව පවතී.
03. දැනට හඳුනාගෙන තිබෙන පරිදි ලොව වයස්ගතම වෘක්ෂය වන්නේ කැලිෆෝනියාවේ 'White Mountain' කඳුකරයේ පිහිටි 'Methuselah' නමින් හැඳින්වෙන 'Bristlecone Pine' විශේෂයට අයත් වෘක්ෂයයි.
04.කැරබියන් දූපත්, ෆ්ලොරීඩා සහ මෙක්සිකෝව ආදී ප්‍රදේශයන්වල හට ගන්නා 'Manchineel' නම් ශාක විශේෂය ලොව හඳුනාගෙන ඇති විෂ අධිකම ශාක විශේෂය වන අතර, එම වෘක්ෂය යට සිටීම පවා මාරාන්තිකය.
05. දැනට ලෝකයේ හඳුනාගෙන ඇති ශාක විශේෂ ප්‍රමාණය හැටදහසකටත් අධිකය.
06. වෘක්ෂයන්ට අනෙකුත් වෘක්ෂ සමග සන්නිවේදනය කිරීමට සහ පෝෂ්‍ය ප්‍රදාර්ථ හුවමාරු කරගැනීමට හැකියාව පවතී. ඒ පසේ අන්තර්ගත දිලීර වර්ග හරහාය.
07. හොඳින් වැඩුණු ගසකට වසරක් තුළදී පුද්ගලයන් 4 දෙනෙකුට ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හැකියාව පවතී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                