විවිධ අනතුරු වළකා ගැනීම සඳහා අවධානය යොමු කළ යුතු අවස්ථා 7ක්
                                 -  18 09 2017 
                                 -  09:28
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - ඉන්ද්‍රමූර්ති ජයසූරිය 
                                
                            
                        
                        01. ඔබ මර්ගයක ගමන් කරන පදිකයෙක් නම් සෑම විටම දකුණු පැත්තෙන් ගමන් කළ යුතු අතර, පාර මාරු වීමට පදික මාරු හා මගී පාලම්ද සෑම විටම භාවිතයට ගතයුතුය. එසේ කිරීමෙන් පදිකයා මෙන්ම රියදුරාද ආරක්ෂා වේ.
	
02. විනෝද චාරිකා හෝ වන්දනා අවස්ථාවල නෑමට සුදුසු ස්ථානවල පමණක් දිය නෑම කළ යුතුය. මත්පැන් පානය කර දිය නෑමෙන් වළකින්න.
	
	03.  ශ්‍රී ලංකාවේ සුෂුම්නා අනතුරු හේතුවෙන් වසරකට 1500 – 2000 අතර, සංඛ්‍යාවක් රෝගී තත්ත්වයට පත්වන බවට වාර්තා මගින් පෙන්වා දෙන අතර,
	රිය අනතුරු, පලංචියෙන් වැටීම, අතුරෙන් වැටීම, වහලයෙන් වැටීම, ගස් නැගීමට ගොස් ලිස්සා වැටීම, විදුලි බුබුලක් සවි කිරීමට ගොස් ලිස්සා වැටීම, ඉණිමගෙන් වැටීම ආදී අවස්ථා ගණනාවක් නිසාවෙන් මෙවැනි සුෂුම්නා අනතුරු සිදුවිය හැක. ඔබ මෙවන් කාර්යයක් සිදුකිරීමෙදී තමා කරන කාර්යය පිළිබඳව වැඩි අවධානයකින් යුක්තව සිදුකළ යුතුය.
04. වාහනයේ ඉදිරිපස ආසනවල දරුවන් රැගෙන නොයායුතු අතර, හැකි නම් දරුවන් රැගෙන යාම සඳහා ගැළපෙන ආසන පිටුපස සවි කරන්න.
	
05.හෝටල්වල පිහිනුම් තටාකාංගනවලදී දරුවන් දිය නාන විට දෙමාපියන් සැලකිල්ලෙන් සිටිය යුතුය.
	
06. කුඩා දරුවන් සරුංගල් යැවීමේදී සෑම විටම විදුලි රැහන් හෝ විදුලි රැහැන් පද්ධති සහිත ප්‍රර‘දේශයෙන් බැහැර වියයුතුය. ඇතැම් අවස්ථාවන්හිදී මෙම සරුංගලa විදුලි රැහැන් මත පැටලුණු විටදී ඔවුන් ඒවා ගැනීමට ගොස් අනතුරකට භාජනය විය හැක.
	
07. මහා මාර්ගයේ හෝ නිවසේ ඇති විදුලි රැහැන් ආසන්නයේ රූපවාහිනී ඇන්ටනා සවිකිරීමෙන් වළකින්න. මන්ද ඇන්ටනා සවිකිරීමේදී ආධාරක කණු ලෙස බොහෝවිට යොදනු ලබන්නේ විද්්‍යුත් සන්නයන යකඩ බම්බු වීමයි. ඇතැම් අවස්ථාවක මේවා විදුලි රැහැන් මත කඩා වැටීමෙන් භයානක අනතුරු පවා සිදුවිය හැක.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                