වසර 72ක් සපිරෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ කරුණු 7ක්
                                 -  25 10 2017 
                                 -  12:23
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - . . 
                                
                            
                        
                        01 එක්සත් ජාතීන් නිල වශයෙන් සංවිධානගත වන්නේ 1945 ඔක්තෝබර් 24 වැනිදා චීනය, සෝවියට් දේශය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ සෙසු අත්සන්කරුවන්ගෙන් බහුතරය ප්රඥප්තිය සනාථ කිරීමෙන් අනතුරුව සිදුවිය.
02 සෑම වසරකම ඔක්තෝබර් 24 වැනිදා එක්සත් ජාතීන්ගේ දිනය සමරනු ලබන අතර, ඊයේ (24දා) දිනයට එම සංවිධානයට වසර 72ක් සපිරිණි.
	03 ප්රඥප්තියේ සඳහන් වන අන්දමට එක්සත් ජාතීන්ගේ අරමුණු මෙසේය.
	• ජාත්‍යන්තර වශයෙන් සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය ක්‍රියාකාරීත්වය සහතික කිරීමේ පියවර ගැනීම හා සාමයට ඇති තර්ජන ඉවත් කිරීම.
	• ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික, සමාජීය, සංස්කෘතික, මානුෂීය ගැටලු විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම.
	• පොදු අයිතිවාසිකම් පදනම් කරගෙන ජාතීන් අතර හොඳහිත වර්ධනය කර ගැනීම.
	• ඉහත සඳහන් අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සංයෝජනය කර ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම
04 එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියෙන් පිළිගෙන ඇති පරිදි නිල භාෂාවන් වන්නේ චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු හා ස්පාඤ්ඤ භාෂාවන්ය. එම භාෂාවන් අතරට අරාබි භාෂාවද තෝරාගෙන ඇත්තේ මහා මණ්ඩලයේ, ආරක්ෂක මණ්ඩලයේ සහ ආර්ථික හා සාමාජීය මණ්ඩලයේ නිල භාෂාවක් ලෙසය.
	05 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අංග 06 ප්රඥප්තියෙන් ස්ථාපනය කෙරුණු අතර, ඒවා නම්, 
	• මහා මණ්ඩලය (මහා මන්ත්‍රණ සභාව)
	• ආරක්ෂක මණ්ඩලය
	• ආර්ථික හා සමාජීය මණ්ඩලය
	• භාරකාරත්ව මණ්ඩලය (ආහෝසි කරනු ලැබීය)
	• අන්තර්ජාතික අධිකරණය
	• ලේකම් කාර්යාලය යනුවෙනි.
06 එක්සත් ජාතීන්ගේ සාමාජිකයෝ එක්සත් ජාතීන් කරන සෑම දෙයකටම මුදල් ගෙවති. ඊට වෙනත් ආදායම් මාර්ගයක් නොමැත. ගෙවන මුදල් ප්‍රමාණය සාමාජික රටක ගෙවීමේ හැකියාව, ජාතික ආදායම සහ ජනගහනය මත පදනම්ව ඇති අතර, වැඩිම මුදල් ප්‍රමාණයක් ගෙවනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
07 ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග 1952 සිට සබඳතා තිබුණද, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබාගනුයේ 1955 දෙසැම්බර් 14 වැනිදාය. ගතවූ පනස් වසර තුළ බොහෝ ගණනක් ශ්‍රී ලංකිකයෝ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ආයතන රැසක මුල් පෙළේ තනතුරු හෙබවූහ.
තොරතුරු - www.un.org / lk.one.un.org/ දිනිත් කණිෂ්ක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                