ලොව විශ්මයජනක සත්ත්ව වර්ග 07ක්
(සත්ත්ව ලෝකය දෙස වඩාත් විමසිලිමත්ව බැලීමේදී මිනිසාට වඩා ඇතැම් සතුන්ට බෙහෙවින් සංකීර්ණ ක්‍රියාවලින් කළ හැකි බව පෙනෙන්නට තිබේ.)
01) මෝරා
මෝරාගේ මොළයේ විශේෂිත වූ සෛල වර්ගයක් ඇති අතර, ඒවාට වෙනත් ජීවීන්ගේ ශරීරයෙන් නිකුත් වෙන ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයන් හඳුනා ගැනීමට හැකියාවක් ඇත.
සංවේදී සෛල ඇති මෙම සත්ත්වයාට වැලි යට සැඟවී සිටින මාළුවෙකුගේ මාංශ පේෂි චලනයෙන් හටගන්නා විද්‍යුත් සංඥා හඳුනා ගැනීමට පුළුවන.
	
02) පිඹුරා
ඇස් හා නාස්පුඩු අතර උෂ්ණත්වයට සංවේදී ඉන්ද්‍රියක් පිහිටා ඇත.
පිඹුරන් හා පොළඟුන් වැනි උරගයන්ට ගොදුරු කර ගන්නා සත්ත්වයාගේ උෂ්ණත්වය දැන ගැනීමට හැකි අතර, අඳුරු සහිත තත්ත්වයන්හිදී සතුරන් හා ගොදුරු හඳුනා ගැනීමට හැකියාවක් ලැබේ.
	
03) කුඩා පක්ෂීන්
පක්ෂීන්ගේ දෙඇස්වලට මිනිසාට පෙනෙනවාට වඩා වැඩි පරාසයක් ග්‍රහණය කරගැනීමේ හැකියාව ඇත. ඒ ඔවුන්ට පරිබාහිර තරංග ආයාමයන් නිවැරදිව ගළපා ගැනීමට හැකියාවක් තිබෙන බැවිනි.
මේ හේතුවෙන් කුරුල්ලන්ට මිනිසුන්ට නොපෙනෙන විකිරණ වර්ණ පවා පෙනෙන අතර, මෙම වර්ණ හඳුනාගත හැක්කේ හබල් දුරේක්ෂය වැනි අතිශය සංවේදී යන්ත්‍රවලට පමණි.
04) බළලා
බළලාගේ ඇසේ කණ්ණාඩියක් මෙන් ක්‍රියාකරන තුනී සම් තට්ටුවක් පිහිටා ඇත.
මේ හේතුවෙන් අඳුරු රාත්‍රී කාලයේදී පහසුවෙන් දඩයම් කිරීමටත්, ගමන් කිරීමටත් හැකියාවක් ඇත. 'Tapetun Lucidum' යන නමින් මෙම තුනී සම හඳුන්වයි.
	
05) සලබයා
සාහිත්‍යයේදී සලබයා හැඳින්වෙන්නේ 'උඩු ගුවනේ ආදරය' යන නමිනි. කුඩා ලොම් සහිත මෙම සත්ත්වයාට ආදර සංඥා හඳුනාගත හැකි අරුම පුදුම හැකියාවක් පිහිටා තිබේ.
'Pheromones' යනුවෙන් හැඳින්වෙන මෙම ක්‍රියාවලිය ආධාරයෙන් සලබයාට සැතපුම් පහකට වඩා වැඩි දුරකින් සිටින විරුද්ධ ලිංගිකයෙකු විසින් නිකුත් කරන සංඥා හඳුනා ගැනීමට හැකියාවක් ඇත.
	
06) මීයා
මීයාට ඇත්තේ දුර්වල දෘෂ්ටියකි. එහෙත් උගේ ඇති සංවේදී රැවුල හේතුවෙන් මීයාගේ එම අඩුපාඩුව මැකී යයි.
මෙම රැවුල අවට වස්තුන්වල වැදුණු විට ඒවායේ අධි සංවේදීතාව හේතුවෙන් මීයාට තමන්ගේ වටපිටාව පිළිබඳ පැහැදිලි චිත්‍රයක් නගාගත හැකි බව විද්‍යාඥ‘යෝ සොයාගෙන ඇත.
	
07) සංචාරක පක්ෂීන්
සංචාරක පක්ෂීන්ට තම ගමන් මග නිවැරදිව සොයා ගැනීමට හැකියාවක් ඇත.
එනම් පක්ෂීන්ට සංවින්දන හැකියාව ඇති බවත්, ඒ ආධාරයෙන් පෘථිවියේ චුම්භක තීරුව මගින් ගමන් කරන ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙන බවත් විද්‍යාඥයන් විසින් සොයාගන්නා ලදී.
සප්නා කුරේ (අන්තර්ජාලය ඇසුරෙනි)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                