ලැප්ටොප් එකක් මිලදී ගන්නා විට සලකා බැලිය යුතු කරුණු 7ක්
- 7 02 2017
- 11:02
- {{hitsCtrl.values.hits}} views
- . .
01 ගෙනයාම
ලැප්ටොප් එකක් කියන්නෙ ගෙදර තියල තියෙන දෙයක් නොවෙයි. ඒක මහමග ගෙනියන්න පුළුවන් විය යුතුමයි. එනිසා ලැප්ටොප් එකේ බර ඔබට අනුව ඔසවා ගෙන යන්නට පුළුවන් මට්ටමේ තිබෙනවාද?, එය ඔබ ගමනේ යෙදෙන අතරතුර වුවද උකුළේ තබාගෙන භාවිතා කළ හැකියිද? එය ගෙනයාමට සුදුසු බෑග් එකක් ඒ හා සමග ලැබෙනවාද?, එසේම එය ඔබට අවශ්‍ය දැඩි භාවිතයට සරිලනවාද කියන දේත් සලකා බැලිය යුතුමයි.
02 කාර්යක්ෂමතාව
ප්‍රොෙසසරය, චිප්සෙට්, මදර්බෝඩ්, ඩේටා ස්පීඩ් එක්ක කාර්යක්ෂමතාව කියන දේ බැඳිලා තියෙනවා. ඒ ඒ මිනිසුන් පරිගණකයකින් ලබා ගන්නා උපයෝගිතාවයන් වෙනස්. ඒ නිස ඔබේ උපයෝගිතාවයට(අන්තර්ජාල භාවිතය, ළිපි යතුරු කිරීම, විනෝදාත්මක කටයුතු, ගේම්ස්, පරිගණක කේතකරණය) සරිලන විශේෂාංග සහිත වූ ලැප්ටොප් එක්ක මිලදී ගැනීම සුදුසුය.
03 මෙහෙයුම් පද්ධතිය
තමන්ට අවශ්‍ය කරන සහ තමන්ගේ වැඩකටයුතුවලට අවශ්‍ය කරන ඔපරේටින් සිස්ටම් එකක් ප්‍රශ්නයක් නැතුව දුවන්න පුළුවන් ලැප්ටොප් එකක් කියන දේ ගැනත් සැළකිලිමත් විය යුතුමයි. ඔබේ පද්ධතියේ රැම් අගයට අනුව ඔබට ධාවනයට අවශය මෙහෙයුම් පද්ධතියට බාධා පැමිණිය හැකියි.
04 තිරය
ඔබේ අවශ්‍යතාවට සරිලන තිරයක් ඒ වෙනුවෙන් ඇති දැයි බලන්න. බොහෝ විට නිවසේ භාවිතයට ගන්නා ලැප්ටොප් උපාංගවලටනම් කුඩා තිරයක් තිබුණාට කමක් නැහැ. ඒ ඒ වෙනුවෙන් වෙනමම මොනිටරයක් ඔබට භාවිතා කළ හැකි නිසායි. නමුත් ඔබගේ ලැප්ටොප් එක තැනින් තැනට නෙයනවා නම් මේ සම්බන්ධයෙන් දැනුම්වත් විය යුතුමයි. මන්දයත් ඔබේ තිරය අනුව සැළකිය යුතු මුදල් වෙනසකුත් උපාංගයේ මිල හා බැඳෙනවා.
05 භාවිතය
ලැප්ටොප් එකක් අනිවාර්යයෙන්ම භාවිතයට පහසු විය යුතුමයි. නැතිනම් එය නුහුරු පරිසරයන් තුළ භාවිතයේදී අපහසුතා ඇතිවෙනවා. ඒ නිසා කී බෝඩ්, ටච් පෑඩ් භාවිතයට පහසුද කියලා මුලින්ම බලන්න. ඒවමෙ ඇතැම් නිෂ්පාදකයින් භාවිතය තවත් ලේසි කරන බට්න්ස් මෙයට එකතු කරනවා.
06 ග්‍රැෆික් සහ ස්පීකර්
ඔබේ ලැප්ටොප් උපාංගය විනෝදාත්මක කටයුතු වෙනුවෙන් භාවිත කළත් නැතත් එහි ග්‍රැෆික් පද්ධතිය සහ ස්පීකර් පද්ධතිය ගැන සැළකිය යුතු අවධානයක් යොමුවිය යුතුමයි. නැතිනම් කටත් ඇස් දෙකත් නැති ගානට වැටෙනවා. බොහෝ ගබඩා කටයුතුවලදී ස්පීකරයක් ක්‍රියාවිරහිත වීම් වැනි දේ සිදුවන නිසා අනිවාර්යයෙන්ම ස්පීකරය මිලදී ගැනීමට පෙර පරීක්ෂා කරන්න. එසේම ඔබේ අවශ්‍යතාවට අනුව ග්‍රැෆික් තත්ත්වයේ සංශෝධන කරන්න.
07 අමතරව
වයිෆයි, බ්ලූටූත් තිබීම වර්තමාන ලැප්ටොප් එකක අනිවාර්යයි. නැතිනම් ඔබට ඒ වෙනුවෙන්ද ඔබේ ලැප්ටොප් පෝට්ස් වෙන්කරන්නට සිදු වේවි. ඒ වගේම ලැප්ටොප් එක සමග ඔබට අවශ්‍ය තරම් යූඑස්බී පෝට් ලැබෙනවාද, ඊතර්නෙට් කේබල් පෝට් ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපුරනවාද යන්න සළකා බලන්න. විශේෂයෙන්ම බැටරිය ගැන දැනුම්වත් වන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

