ලංකාවේ බහුලව දැකිය හැකි පිළිකා තත්ත්ව 07 ක්
- 14 02 2017
- 14:13
- {{hitsCtrl.values.hits}} views
- . .
මුඛ පිළිකාව / පූර්ව මුඛ පිළිකාව
මුඛ පිළිකාව ඇතිවීමට පෙර පූර්ව පිළිකා අවස්ථාවේදීම එය හඳුනාගත හැකිය. රෝග ලක්ෂණ - කල් පවතින සුදු ලප, කල් පවතින රතු ලප, කල් පවතින සුදු සහ රතු මිශ්‍ර ලප, මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමග තොල් සහ ශ්ලේෂ්මලයේ ඝන වීමක් සහ සුදුමැලි වීමක්, කාලයක් පවතින සුව නොවන තුවාලයක් මෙම ලක්ෂණ ඇත්නම් වහාම දන්ත ශල්‍ය වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ගලනාළ පිළිකා
රෝග ලක්ෂණ (සතියකට වඩා පවතින) ක්‍රම ක්‍රමයෙන් ඇති වන ගිලීමේ අපහසුතා, ගිලීමේදි වේදනාවක්, ශරීරයේ බර අඩුවීමක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.
මහාන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා
රෝග ලක්ෂණ - මළපහ සමග ලේ පිටවීමක්, මළපහ කිරීමේ පුරුදුවල වෙනසක්, නිතර නිතර ඇතිවන මළබද්ධය හෝ පාචන ස්වභාවයක් හෝ ගුද මාර්ගයෙන් ලේ පිටවීමක්, මළපහ පෙරට වඩා සිහින් ස්වභාවයක් ගැනීම, මළපහ කිරීමෙන් පසුවද මළපහ පිටවීමේ අසම්පූර්ණ බවක් දැනීම, උදර වේදනාව, අනපේක්ෂිත ලෙස ශරීරයේ බර අඩුවීමක්.
පියයුරු පිළිකා
රෝග ලක්ෂණ - පියයුරුවල මෑතකදී ඇති වූ හැඩයේ වෙනස්වීමක් හෝ පැහැදිලි අසමමිතික බවක් පියයුරුවල ගැටිත්තක් හෝ ඉදිමීමක්
පියයුරෙහි වළ ගැසීමක් සමේ වෙනස්වීමක් - උදා. දොඩම් ලෙල්ලක මතුපිට වැනි ස්වභාවයක්, සම මතුපිට දදයක් / තුවාලයක්, තනපුඩුවේ ගිලීයාමක් හො අසමමිතික බවක් ස්වයං පියයුරු පරීක්ෂාවෙන් පියයුරු පිළිකා කලින් හඳුනාගත හැක.
ගැබ්ගෙල පිළිකා
රෝග ලක්ෂණ - යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනයක්, ලිංගික සංසර්ගයට පසු රුධිර වහනයක්, යෝනි මාර්ගයෙන් දුර්ගන්ධයකින් යුතු ස්‍රාවයක් පිටවීම, මාස් ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම,පැප් පරීක්ෂාවක් මගින් ගැබ්ගෙල වෙනස්කම් පිළිකාව ඇතිවීමට පෙර හඳුනාගත හැක.
පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා
රෝග ලක්ෂණ - අවශ්‍යතාව ඇතත් මුත්‍රා පහ කිරීමේ අපහසුතාව, මුත්‍රා කිරීම ඇරඹීමේ හා මුත්‍රා ධාරාව පවත්වාගැනීමේ අපහසුතා
මුත්‍රා කිරීමෙන් පසුද සම්පූර්ණයෙන්ම මුත්‍රා පිට නොවුණා සේ දැනීම, නිතර නිතර මුත්‍රා යෑම, රාත්‍රියට මුත්‍රා කිරීමේ වාර ගණන වැඩි වීම.
මුත්‍රා සමග ලේ පිටවීම.
තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා
රෝග ලක්ෂණ - තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාල වීමක් හෝ වෙනසක්, ගෙලෙහි වසා ගැටිති ඉදිමීමක්, හේතුවක් රහිත කටහඬේ ගොරෝසු බවක්, ගෙලෙහි වේදනාවක්, ගිලීමේ අපහසුවක්, හුස්ම ගැනීමේ අපහසුතාවක්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

