රිය පැදවීමේදී භාවිත කළ යුතු ශිල්ප ක්‍රම 07ක්
                                 -  1 08 2017 
                                 -  09:04
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - සජිත් ගයාන් 
                                
                            
                        
                        
	
01 වාහනයකින් පිටත් වීමට ප්‍රථම තම රථයේ දොරවල් වැසී ඇත්දැයි පරීක්ෂාකර 'SEAT BELT' පැලඳීම සිදුකළ යුතුයි. විශේෂයෙන් තමන් ඉදිරියෙන් ගමන් ගන්නා රථයට ඉතා ආසන්නයෙන් ගමන් කිරීමෙන් වැළකිය යුතුය.
	
02 ඔබ වාහනයේ ගමන් කරන විට නිතර පැති කණ්ණාඩි සහ පිටුපස බලන කණ්ණාඩි කෙරෙහි අවධානය යොමුකරමින් ධාවනය කරන්න. මෙය තත්පර 20කට හෝ 30කට වරක් සිදුකරන්න. ඒ අනුව නිතර පරිසරයේ සිදුවන වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරන්න.
	
03 ඔබ ඉදිරියෙන් ගමන් ගන්නා රථය ඔබව පසුකර යෑමට අවශ්‍ය වූ විට ඒ බව ඉදිරි රථයට දැනුම් දීමට අදාළ සංඥා භාවිත කරන්න. මීට අමතරව ඔබ රථයට පිටුපසින් පැමිණෙන රථය ඔබ පසුකර යෑමට තැත් කරයි නම් ඔබ ඒ සඳහා ඉඩ ලබාදීම සිදු කරන්න.
04 අනතුරු බහුල මාර්ග හැකිතරම් මගහරින්න. එවැනි මාර්ගයක් භාවිත කරන විට මාර්ගයේ ඇති මාර්ග සංඥාවලට අනුව තම රථය ධාවනය කිරීමට හුරුවන්න.
	
05 ඔබට ඔබගේ රථය පාලනය කරගත හැකි ආකාරයෙන් රථයේ වේගය තබා ගන්න. මේ අනුව අඩු වේග තත්ත්වයකදී ඔබට රථය පහසුවෙන් පාලනය කරගත හැකි අතර, වේගය වැඩි තත්ත්වයකදී එය පාලනය අපහසු වනු ඇත.
	0
6 ඔබ රථයේ ධාවන කටයුතු සිදුකරන කාලය තුළ ඔබගේ අවධානය යොමුවන දෑ ළඟ තබා නොගැනීමට උනන්දු වන්න. විශේෂයෙන් ජංගම දුරකථන වැනි දෑ භාවිත කරමින් ධාවන කටයුතු සිදුකිරීමෙන් වළකින්න.
	
07රථය ධාවනය කිරීමේදී වර්ෂාව, මීදුම ආදිය පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර, ඒ හැර සාමාන්‍ය තත්ත්වයක් තුළ තත්පර 3ත් 4ත් අතර කාලයක් තුළ රථය නවතා ගත හැකි ලෙස ධාවන කටයුතු සිදුකරන්න.
 
                        
						popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                