රැකියා ස්ථානයේ ප්‍රියමනාප අෙයකු ලෙසින් හා ඔබද සතුටින් සේවය කිරීමට මෙම කරුණු 7 අනුගමණය කර බලන්න
                                 -  10 05 2018 
                                 -  10:34
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - ඉන්ද්‍රමූර්ති ජයසූරිය 
                                
                            
                        
                        ඇසුරු කරන්නන් අතරෙ හොඳ පිළිගැනීමක් තිබෙන, ප්‍රියජනක කතාබහකට නැතිවම බැරි, ප්රිතිමත් හා සෞම්‍ය ගතිගුණ ඇති තැනැත්තකු ලෙස නමක් දිනාගැනීමට ඕනෑම පුද්ගලයකු කැමතිය. දවසේ වැඩි කාලයක් අප ගතකරනු ලබන රැකියා ස්ථානය තුල ප්‍රියමනාප පුද්ගලයකු වීමෙන් තමන්ගේ සතුටද වර්ධනය වනු ඇත.
01 තමන් අකැමැති අන්දමේ නිලධාරියකු යටත්ව සේවය කිරීමේදී හෝ කිසිදු උද්යෝගයක් දැනවීමට නොහැකි අංශයක සේවය කිරීමට සිදුවුවහොත් සිනාමුසුව ධෛර්යයෙන් හා ඉවසීමෙන් යුතුව එළඹුණු අවස්ථාවට මුහුණදිය යුතුය.
02. ඕනෑම තරාතිරමක පුද්ගලයකු අතින් වැරදීම් සිදුවිය හැකිය. එය කාර්යාලයීය සගයන්ගෙන්, පහළ මට්ටමේ සේවකයන්ගෙන් මෙන්ම ඉහළ නිලධාරීන්ගෙන්ද විය හැකිය. අන් අයගේ වැරදීම් හමුවේ නොකිපෙන පුද්ගලයෙක් බවට ඔබ පත්වන්නේ නම් සුහද මිතුරු කැළක් ඔබ වටා රොක් වනු ඇත. ඉන්පසු ඔවුනගේ වැරදි සුහදව පෙන්වා දෙන්න.
03. සේවකයකුගේ වරදක් හේතුවෙන් නිරන්තරයෙන් ප්‍රසිද්ධියේ බැණවදින නිලධාරීන් හේතුවෙන් පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ ආයතනවලද ගරුත්වය විනාශ වෙයි.සෑම තැනැත්තකුටම ඔහුට හිමි ගෞරවනීය බවක් හා පෞද්ගලිකත්වයක් ඇති බව අප විසින් මතක තබාගත යුතුයි. යම් අයකුට සිදුකරන වරද පෞද්ගලිකව පෙන්වාදීමෙන් වඩාත් සුබවාදී ප්‍රතිඵල අත්කරගත හැකිවෙයි. එසේ කිරීමෙන් ඔබට ප්‍රිය කරන පුද්ගලයකුසේම ඔබට ඉතාමත් ගරුකරන පුද්ගලයකු එක්වනු ඇත.
04. අන්‍යයන්ගේ ශාරීරික අඩුපාඩුකම් දැක ඊට සිනාසීමට, ඒ පිළිබඳව කතා කිරීමට පුරුදු නෙවන්න. කතා-බහ ගමන්-බිමන් ආදියෙහි අඩුපාඩුමක් ඇති පුද්ගයන් සිටියි. කිසියම් පුද්ගලයකුගේ ශාරීරික අඩුලුහුඬුකමක් විවේචනය කරමින් සිනාසෙන්නන් පිළිබඳ ඕනෑම කෙෙනකු තුළ උපදින්නේ නො පහන් හැඟීමකි. සෑම විටම එවන් පුද්ගලයන් තම සේවා කරන ස්ථානයකදී ඔවුන්ව, ඔවුන්ගේ සේවා පිළිබඳ අගයා කතා කළ යුතුය.
05. ඔබේ සේවා ස්ථානයේ ඔබ ඕපාදූප කතා කරන්නකු නොවන්න. ඒ සඳහා ඔබ ගත කරනුයේ ඔබේ රාජකාරි කාලයයි. අන්‍යයන්ගේ වත ගොත පිළිබඳ නිරන්තර කතාබහ කිරීමට පෙළෙඹන අෙයකු නම් එම පුද්ගලයා ප්‍රියමනාප පුද්ගලයකු නොවනු ඇත.
06. සෑම විටම මිත්‍රශීලී සිනාවෙන් යුතුව අන්‍යයන්ට සමීප විය යුතුය. අන් අයගේ සිතිවිලි හඳුනාගැනීම තුළින් වඩාත් සමාජශීලී වන්නට ඔබට හැකියාව ඇත. උස් පහත් භේද නොතකා සෑම අෙයකු සමගින්ම වචනයකින් හො දෙකකින් සුහදත්වයෙන් කතා කළයුතුය. එවිට ඔබ අන්‍යයන් ඇසුරෙහි ඔබේ නිහතමානී බව ප්‍රදර්ශනය වේ. එවිට නොබෝ දිනකින්ම ඔබ කාර්යාලයේ නිරායාසයෙන්ම ජනප්‍රිය ප්‍රියමනාප පුද්ගලයකු වනු ඇත.
07. කර්යාලයේ සිය මිතුරන් මෙන්ම පහළ සේවකයන් සිදුකරන යහපත් හා කාර්යක්ෂම වැඩකටයුතු අගය කිරීමට පසුබට නෙවන්න. රැකියා ස්ථානය තුළ ඔබේ චරිත ස්වභාවයත් එබඳුදැයි මොහොතකට සිතා බලන්න. අගය කළ යුතු සහ වර්ණනා කළයුතු තැනැත්තන් නිසි පරිදි ඇගැයීමට ලක්කිරීම යනු ඔබ තුළ ඇති ප්‍රසන්න මනස විදහා පෙන්වීමකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                