රග්බි ක්‍රීඩාව පිළිබඳ කරුණු 07 ක්
- 2 02 2017
- 12:55
- {{hitsCtrl.values.hits}} views
- . .
01 රග්බි ක්‍රීඩාවේ ආරම්භය 1823 වර්ෂය දක්වා ඈතට දිවයන අතර, රග්බි ක්‍රීඩාවේ නිර්මාතෘවරයා ලෙසින් හැඳින්වෙන්නේ බ්‍රිතාන්‍යයේ ජීවත් වූ ඇන්ග්ලිකානු පූජකයෙකු වූ වෙබ් එලිස් නැමැත්තායි. පාපන්දු ක්‍රීඩාවේ ආභාසය රග්බි ක්‍රීඩාව නිර්මාණය වීමට බලපා ඇති බව පැවසේ.
02 රග්බි ක්‍රීඩාව කණ්ඩායම් දෙකක් අතර සිදුවන ක්‍රීඩාවක් වන අතර, එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 15 දෙනෙකු අන්තර්ගත වේ. වේගය, ක්‍රීඩකයන්ගේ ශරීර ශක්තිය හා උපක්රමශීලීත්වය උරගා බැලෙන ක්‍රීඩාවක් ලෙසින් රග්බි ක්‍රීඩාව ප්රකටය.
03 රග්බි ක්‍රීඩාව ලොව ජනප්‍රියම (ක්‍රීඩා සමාජ හා ලියාපදිංචි ක්‍රීඩකයන් සංඛ්‍යාවට අනුව හා ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව) රට ලෙසින් නවසීලන්තය හඳුනාගත හැක.
04 ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ ආගමනය 1870 දශකය දක්වා ඈතට දිව යන අතර, මේ වනවිට ක්‍රීඩා සමාජ 31 ක් පමණ ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත කිරීම්හි 40 වැනි ස්ථානයේ රැඳී සිටියි.
05 ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලිය ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය වන අතර, පැරණිතම (1911 දී ආරම්භකොට ඇත) රග්බි තරගාවලිය ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියයි.
06 ශ්‍රී ලංකාවේ පාසල් 150ක පමණ මේ වන විට රග්බි ක්‍රීඩාව සිදුකරන අතර, ඒ අතරින් ඒ කාණ්ඩයේ ක්‍රීඩා කරන පාසල් සංඛ්‍යාව 36කි. එමෙන්ම වයස 20 න් පහළ කාණ්ඩයේ ක්‍රීඩා කරන පාසල් සංඛ්‍යාව 100කි. මේ අතරින් පාසල් දෙකක් අතර පැවැත්වෙන පැරණිතම හා ඉතිහාසගතම රග්බි තරගය ලෙසින් කොළඹ රාජකීය හා මහනුවර ත්‍රිත්ව විදුහල අතර බ්‍රැඩ්බි පලිහ වෙනුවෙන් පැවැත්වෙන තරගය හැඳින්විය හැක. එය 1945 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක වේ.
07 මේ වන විට ලෝකයේ ක්‍රියාත්මක වන රග්බි ක්‍රීඩාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන අතර, එනම් ලීග් රග්බි (League Rugby) හා සංගම් රග්බි (Rugby Union) ලෙසිනි. මේ අතරින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ සංගම් රග්බි ක්‍රීඩාව පමණි. එමෙන්ම රග්බි ක්‍රීඩාවේ තවත් විශේෂණයක් ලෙසින් සත් සාමාජික රග්බි ක්‍රීඩාව හඳුනාගත හැක.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

