මොබයිල් ගේම් ගැන කරුණු හතක්
- 26 01 2017
- 17:59
- {{hitsCtrl.values.hits}} views
- . .
01 මොළයට හොඳයිද?
මොබයිල් ගේම් ක්‍රීඩා කිරීම ඔබේ මනස නිරෝගී කරවනවා මෙන්ම තියුණු කරවයි. අයෝවා විශ්වවිද්‍යාලයේ සමීක්ෂකයින්ට අනුව මොබයිල් ඇප් ගේමින් හරහා ඔබේ මොළය වියපත් වීම අවුරුදු හතකින් කල් යවන බව පෙන්වා දෙයි. ඒ නිසා ගේමර්ස්ලා විශේෂයෙන්ම සමාජයීය වශයෙන් ක්‍රියාශීලී දිවිපෙවෙතක් ගත කරන සාර්ථක මිනිසුන් ලෙසින් දක්වයි.
02 සල්ලි යනවද?
මොබයිල් ඇප් හරහා ගේම්ස් ක්‍රීඩා කරන ලොව වටා සිටින මිනිසුන්ගෙන් ඒ විවිධ වූ ගේම්ස් වෙනුවෙන් මුදල් වියදම් කර නොයෙකුත් ක්‍රියාකාරකම් සිදුකරන්නේ සියයට තුනක පමණ ප්‍රමාණයක්ය.
03 කර්මාන්තයක් ලෙස දියුණුද?
2010 වසරේදී මොබයිල් ගේම්ස් කර්මාන්තයේ මුළු වටිනාකම බිලියන 33කි. එය 2015 වසරෙ වන විට බිලියන 54 දක්වා ඉහළ නැග්ගේය. එය වසර පහක් තුළ 163% ක වර්ධනයකි. උදාහරණයක් ලෙස ගතහොත් ඇන්ග්‍රිබර්ඩ් නම් වූ සාර්ථක මොබයිල් ගේම් එක නිපදවූ රොවියෝ සමාගම පසුකාලීනව එන්ටර්ටේන්මන්ට් කම්පැනියක් බවට පත්වන්නේ ඔවුන් එම ක්‍රීඩාවට අනුව යමින් අලෙවි කළ නොයෙක් වූ සෙල්ලම් බඩුවලින් ලත් ඉහළ ලාභය නිසාවෙනි.
04 ප්‍රතිශතාත්මක ලෙස?
වයස අවුරුදු 35ත් 44ත් අතර කාන්තාවන් මොබයිල් ගේම්ස් භාවිතාකරන ප්‍රධානම භාන්ඩය බව technotification.com පවසයි. එය සම්පූර්ණ ගේමින් ප්‍රජාවගෙන් 53% කි. අයිෆෝන් භාවිතා කරන ප්‍රජාවගෙන් 37%ක් සෑම දිනකම සිය දුරකථනයෙන් ගේම්ස් ක්‍රීඩා කරයි. 74% ක් කැසිනෝ ක්‍රීඩකයින් ඔවුන්ගේ ක්‍රීඩා සිදුකරන්නේ ජංගම දුරකථනය හරහාය.
05 ළමුන්ට හොඳයිද?
ඒ වගේම බොහෝමයක් ගේම්ස් වලින් ළමුන්ට ප්‍රශ්නයක් වෙන්නේත් නැහැ. ඒනිසා අවභාවිතාවේ වැරදි මට්ටමක් පැවතුනොත් ඇරෙන්නට බොහෝ ගේම්ස් ළමා මනසට ඔරොත්තු දෙන තරමින් ඇති අතර, ළමුන්ට උචිත නොවන මොබයිල් ගේම්ස්ද තිබෙන නිසා දෙමාපිය අධීක්ෂණය යටතේ ළමුන්ට සෙල්ලම් කිරීමට ලබාදීෙම් වරදක් මෙතෙක් පර්යේෂණ මගින් තහවුරු කර නැහැ. ළමුන් ගේම්ස් ගැසීම මගින් එය ඔවුන්ගෙග් මොළයට සුබවාදී බළපෑමක් කරන අතර ඔවුන්ව අධ්‍යපනයට වැඩිදුර යොමුකරවීමටත් එය හේතුවක් වෙයි. ළමුන් වෙනුවෙන් වෙන්වූ ගේම්ස් අතර Angry Birds, Bubadu, Cut the Rope Series, Duck Duck Moose. Inc, Endless Alphabet, Explorium: Ocean For Kids, Intellijoy games, LEGO games, PBS Kids, Toca Boca වැනි ක්‍රීඩා ඉදිරියෙන් ඇත.
06 මුල්ම මොබයිල් ගේම්
ලොව මුල්ම මොබයිල් ගේම් එක වන්නේ Tetris ක්‍රීඩාවයි. එය 1994 වසරේ නිකුත් වූ Hagenuk MT-2000 උපාංගයේ අන්තර්ගත විය. එහෙත් වඩාත් ප්‍රසිද්ධම මොබයිල් ගේම් එකක් ලෙස මුලින්ම නිකුත් වූයේ Nokia සමාගම නිකුත් කළ Snake ක්‍රීඩාවයි. එය ලොව වැඩිම දෙනෙකු ක්‍රීඩාකළ මොබයිල් ක්‍රීඩාවක් ලෙස දැක්වෙන්නේ එය මිලියන 350ක උපාංගවල අන්තර්ගත වූ නිසාය. එසේම Nokia 6110 හරහා ඉන්ෆ්රාරෙඩ් තාක්ෂණයෙන් පළමුවරට දෙදෙෙනකුට එකම ක්‍රීඩාව ක්‍රීඩා කළ හැකි ලෙස Snake ක්‍රීඩාව දියුණු කරන ලදී.
07 වෙනස් මාදිලියේ මොබයිල් ගේම්ස් කිහිපයක්
Pokémon Go, Super Hexagon, Galaxy on Fire 2, Unkilled, Dead Trigger 2, Modern Combat 5: Blackout, Into The Dead වැනි මොබයිල් ගේම්ස් පසුගිය කාලයේ ඉහළ ප්‍රසිද්ධියක් ඉසිලූ වෙනස් ශෛලීන්ගේ ක්‍රීඩා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
