මාස 06ක් යනතුරු මවුකිරි පමණක්ම ලබාදීමෙන් දරුවෙකුට ලැබෙන සෞඛ්‍යමය වාසි 07ක්
දරුවෙක් වෙනුවෙන් මෙලොව තිබෙන ඉස්තරම්ම දෙය ලෙස සැලකෙන්නේ මවුකිරිය. දරුවෙකු ඉපදී පැයක් ගතවන්නට ප්‍රථම මවුකිරි ස්ථාපිත කිරීමත් ඉන්පසු මාස 06ක් යනතුරුම මවුකිරි පමණක්ම ලබාදිය යුතු බවට වෛද්‍ය නිර්දේශය වී තිබෙන්නේ ඉන් දරුවෙකුට ලැබෙන වාසි බහුල බැවිනි. මාස 06ක් යනතුරු මවුකිරි පමණක්ම ලබාදීමෙන් දරුවෙකුට ලැබෙන සෞඛ්‍යමය වාසි 07ක් මෙලෙස දැක්විය හැකිය.
01) ළදරු මරණ 13%කින් වළක්වා ගැනීමට මවුකිරිවලට හැකියාවක් ඇත.
	
02) ශ්වසන ආසාධනවලට ගොදුරු වීම 72%කින් අවම කරයි.
03) උදරාබාධවලට ගොදුරු වීමේ අවදානම 64%කින් අවම කරයි.
04) ඇදුම රෝගයට ගොදුරු වීම 09%කින් අවම කරයි.
	
05) කණේ සිදුවන ආසාදන තත්ත්ව 50%කින් අවම කරයි.
	
06) දන්ත රෝගවලට ගොදුරු වීම 68%කින් අවම කරයි.
	
07) Type 1 දියවැඩියා තත්ත්වයට ගොදුරු වීම 39%න්ද, Type 2 දියවැඩියා තත්ත්වයට ගොදුරු වීම 27%න්ද අවම කරයි.
	
 
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය මගින් ජාතික මවුකිරි දීමේ සතිය වෙනුවෙන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී නව ජන්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිශානි ලූකස් මහත්මිය කළ කරුණු දැක්වීමක් ඇසුරෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                