බොන්සායි කලාව පිළිබඳ කරුණු 7ක්
                                 -  19 10 2017 
                                 -  09:58
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - . . 
                                
                            
                        
                        01. 18 වැනි සියවස අග භාගයේදී ආරම්භ වූ බොන්සායි ජපානයට විශේෂවූ අංගයකි. බොන්සායි යන්නෙහි තේරුම බන්දේසියක ගසක් වැවීම යන්නයි.
02. ජාන වෙනස් කිරීමක් හෝ විකෘති කිරීමකින් තොරව ස්වාභාවික ගස් සහ පඳුරු ඒ ආකාරයෙන්ම කුඩා ආකෘති ලෙස පැළ කිරීම මේ යටතේ සිදුවේ.
03. හොඳින් රැක බලාගන්නේ නම් බොන්සායි ගසක් වසර සියයකට වැඩි කාලයක් තබාගත හැකි බව ජපනුන්ගේ විශ්වාසයයි.
04 වසර දහසකට පමණ පෙර මෙම කලාව ජපානයට චීනයෙන් ලැබී ඇති අතර, ගස් අතු හා මුල් කප්පාදු කර විශේෂ ක්රමයකින් කුරුමිටි ගස් ලෙස කුඩා බඳුන්වල ඉතා සියුම් ලෙස සකසා ගනී.
05. වසර පහකට වරක් බොන්සායි ගසක් වෙනත් බඳුනක තැන්පත් කළ යුතුය. ඒ කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ ගසේ මුල්වල වර්ධනයයි.
06. සෙන් බුදුදහම සමගද බැඳුණු බොන්සායි කලාව ජපන් ජාතිකයන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කර ගන්නා සංස්කෘතික අංගයක් බවට පත්වී ඇත.
07 විනෝදාංශයක් ලෙස බහුලව මෙම කලාව භාවිත වන අතර, වර්තමානයේ ලොව පුරා රටවල් රැසක මෙම කලාව ජනප්රිය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                