තෘප්තිමත්ව රැකියාව කිරීමට අදාල කරුණු 7ක්
                                 -  5 03 2018 
                                 -  09:12
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - ඉන්ද්රමූර්ති ජයසූරිය 
                                
                            
                        
                        01. රැකියාවේ ඇති ඒකාකාරී බව මඟහරවා ගැනීමට තම කාර්යාල මිතුරන් සමග එක් වී දිවා ආහාර ගැනීමට හෝ තේ පානය කිරීමට හෝ පුරුදුවන්න.
02. තමන්ගේ රාජකාරී කටයුතු ආශ්රිතව ඇතිවන යම්යම් ගැටලු පිළිබඳ තමාට වඩා අත්දැකීම් ඇති නිලධාරියකු සමග හෝ ආයතන ප්රධානියා සමග හෝ සාකච්ඡා කිරීම වැදගත් ය. මේ සඳහා දිනකට, සතියකට හෝ මාසයකට වැනි නිශ්චිත කාලයක් වෙන්කර ගැනීමට කටයුතු කරන්න.
03. එදිනෙදා සිදුකරන රාජකාරී කටයුතුවල ක්රමානුකූල පෙළගැස්මක් හා විධිමත් බවක් ඇතිකර ගැනීම කලයුතුය.
04. මානසික අසහනයෙන් මදක් හෝ අත්මිදීමට කාර්යාලයේදී සිය මිතුරු මිතුරියන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීම ද වැදගත් කරුණකි. එහෙත් මේ සඳහා නිකරුණේ තම රාජකාරී කාලය ගත නො කිරීමට වගබලා ගතයුතුය.
05. රැකියාව සම්බන්ධ ගැටලු පිළිබඳ පවුලේ අන් අය සමග සාකච්ඡා කිරීම වැදගත්ය. එසේත් නැත්නම් ළඟින් ඇසුරු කරන පුද්ගලෙයකු සමඟ හෝ තම ගැටලු සාකච්ඡා කිරීම සිදුකළ යුතුය.
06. තම රැකියාව නිම වීමෙන් පසු නිවසට පැමිණ තම විවේක කාලය ගතකරන අාකාරය පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්වීම ද වැදගත්ය. මෙහිදී පුවත්පත් සඟරා බැලීම, ගුවන්විදුලියට සවන්දීම, රූපවාහිනිය නැරඹීම, තම නිවසේ ගැටලු සොයා බැලීමට හා සාකච්ඡා කිරීම කළ යුතුය.
07. ඇතමෙක් කය වෙහෙසා වැඩ කරන්නේ නම් විවේකී අවස්ථාවලදී කියවීමට හුරුවීම වැදගත්ය. රාජකාරී කටයුතුවලින් ඔබ අධික ලෙස වෙහෙසට පත් වී සිටින අවස්ථාවක වුවද , ඔබ ප්රිය කරන සඟරාවක් හෝ පොතක්පතක් කියවීම මගින් ඔබට මානසික සහනයක් ලබාගත හැකි ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                