ගුවන්යානා තුළ ඇති කළු පෙට්ටිය සම්බන්ධ තොරතුරු 07ක්
                                 -  7 11 2017 
                                 -  12:41
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - ඉන්ද්‍රමූර්ති ජයසූරිය 
                                
                            
                        
                        01 ගුවන්යානා අනතුරකදී සත්‍යය ලෙසම සිදුවූ අනතුර, එහි ස්වභාවය, නියමුවාගේ හඬපට ආදී සියල්ල දෘඩ තැටියක් තුළ සටහන් වන උපකරණයකි.
02 දෙවැනි ලෝක යුද සමයේදී ප්‍රහාරක ගුවන්යානා ආදිය සඳහා ප්‍රථම වරට මෙය 1942 වර්ෂයේදී හඳුන්වා දී ඇත.
03 එහෙත් 1956 දී ඔස්ට්‍රේලියානු ගගන යානා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙකු වූ ඩේවිඩ් වොරන් විසින් විධිමත් ලෙස සැකසූ FDR^ (Flight Data Recorder) නැතහෙත් CVR (Cock Pit Voice Recorder) හඳුන්වා දෙන ලදී.
04 කළු පෙට්ටිය ලෙස හැඳින්වුවද, මෙය තැඹිලි පැහැති කුඩා පෙට්ටියකි. සෑම කළු පෙට්ටියකම පිටතින් Flight Recorder Don't open (ගුවන්යානා තොරතුරු සටහන් වූවකි, විවෘත නොකරන්න) ලෙස සටහන් කර ඇත.
05 සෙල්සියස් අංශක 1000ක උෂ්ණත්වයකදී හෝ අයිස් බවට පත්වන ඕනෑම සෘණ උෂ්ණත්වයකදී හෝ අඩි 20,000ක් ගැඹුරු මුහුදු පතුලක මාස ගණනක් තිබුණද මීට හානි සිදුනොවේ.
06 මුල් කාලයේදී කළු පෙට්ටියෙන් ගුවන් නියමු කටහඬ, අනතුර සිදුවද්දී ගුවන්යානය ගමන් කළ උස සහ වේගය, ගමන් කළ දිශාව හා රේඩියෝ සංවාද සියල්ල මේ තුළ තිබූ ටේප්වල ගබඩා වුවද, වර්තමානයේ ඒ සඳහා පරිගණක හාඩ් ඩිස්ක් ආදිය යොදා ගනී.
07 වර්ෂ 2010 ජූලි 19 වැනිදා අවුරුදු 85ක්ව සිටියදී ඩේවිඩ් වොරන් මිය ගිය අතර, ඔහු ඉටුකළ සේවයට ගෞරවයක් වශයෙන් ඔහු මිහිදන් කළ පෙට්ටියේ ගුවන්යානා තොරතුරු සටහන් යන්ත්‍රෙය් නිෂ්පාදකයාය, විවෘත නොකරන්න (Flight Recorder Inventor Do not Open) ලෙස සටහන් කර තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    


                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                