කුරුඳු භාවිත කරන අවස්ථා 7ක්
                                 -  9 01 2018 
                                 -  10:22
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - . . 
                                
                            
                        
                        01. 'Cinnamon tea' නැතහොත් කුරුඳු මගින් සෑදූ තේ වර්තමානයේදී වෙනත් රටවල පමණක් නොව ශ්‍රී ලංකාවේද භාවිත කරයි. ඖෂධීය ගුණාත්මක භාවය හේතුවෙන් මේසඳහා ලෝක වෙෙළඳෙපාළ තුළ විශාල ඉල්ලුමක් පවතියි.
02. ආහාර පිසීමේදී කුරුඳු පොතු කුළුබඩුවක් ලෙස භාවිත කරයි. ඒ මගින් ව්‍යංජන සඳහා ප්‍රණීත රසයක් ලැබේ. අතීතයේ සිටම විශේෂයෙන් ආසියානු කලාපයේ මෙය භාවිතයට ගෙන ඇත.
03. ඇතැම් පැණි රස කෑම සෑදීමේදී රසකාරකයක් ලෙස කුරුඳු භාවිත කරයි. කේක් වර්ග, දොසි වර්ග උදාහරණ ලෙස දැක්විය හැකිය.
04. දන්ත ශල්‍ය විද්‍යාවේදී මෙන්ම විවිධ ඖෂධ නිෂ්පාදනයේදී කුරුඳු ඒ සඳහා යොදා ගනී. කොළවලින් ලබාගන්නා කුරුඳු තෙල් මේ සඳහා බෙහෝ විට යොදා ගනියි.
05. සුවඳ විලවුන් නිෂ්පාදනයේදී කුරුඳු තෙල් ඒ සඳහා භාවිත කරන ද්‍රව්‍යක් ලෙස ඇතැම් විට යොදා ගනී.
06. කුරුඳු දර ආහාර පිසීමේදී ඉන්ධනයක් ලෙස භාවිත වේ. එමගින් ආහාරවලට රසවත් බවක් මෙන්ම සුවඳවත් බවක්ද එක්වේ.
07. ස්පාඤ්ඤ හා පෘතුගීසි ජාතිකයෝ කුරුඳු පොතු තම්බාගත් වතුර පානයක් ලෙස භාවිත කරති.
ප්‍රියාන් ෂමික ද සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                