ආඝාතය සම්බන්ධ කරුණු 7ක්
                                 -  30 10 2017 
                                 -  10:00
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - ඉන්ද්‍රමූර්ති ජයසූරිය 
                                
                            
                        
                        01. ආඝාතය යනු හදිස්සියේ ඇතිවන රෝග තත්ත්වයකි. මොළයේ එක් ප්‍රදේශයකට හදිසියේ රුධිර සැපයුම අඩාළ වීම හේතුවෙන් මෙය ඇතිවන අතර, එමගින් එම ප්‍ර‘දේශයට අවශ්‍ය ඔක්සිජන් (O2 ) සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී යෑමෙන් එම ප්‍රදේශයේ ස්නායු සෛල මිය යයි.
02. ලෝකයේ මරණයට පත්වන රෝග අතරින් ආඝාතය දෙවන ස්ථානය ගනී. එමෙන්ම වැඩිහිටියන් ආබාධිතයන් වන ප්‍රධානතම හේතුව ආඝාතයයි.
03. ආඝාතය හදිසි මරණයට හේතුවන ප්‍රධානතම රෝගී තතත්වයකි. එමෙන්ම එමගින් තාවකාලික හෝ ස්ථිර ආබාධිත තත්ත්වයකට පත්විය හැකිය. මොළයේ එක් එක් ප්‍රෙද්ශ විවිධ කාර්යයන් සඳහා විශේෂණය වී ඇත. ලේ ගමන අවහිර වීමෙන් හානිවන මොළයේ ප්‍රදේශ අනුව ඇතිවන රෝග ලක්ෂණ තීරණය වේ.
04. ආඝාතය ප්‍රධාන වශයෙන් හේතු 2ක් නිසා ඇතිවේ. ඉන් ප්‍රධාන හේතුව වන්නේ රුධිර නාළ අවහිර වීමයි. එනම් ලේ කැටියක් හිරවීමයි. අනෙක් ක්‍රමය වන්නේ මොළය තුළ ලේ නහරයක් පුපුරා ඇතිවන ලේ ගැලීමය.
05. ආඝාතයේ අනතුරු අඟවන රෝග ලක්ෂණ ලෙස හදිසියේ ඇතිවන තද හිසරදය, හදිස්සියේ ඇතිවන ගිලීමේ අපහසුව, හදිස්සියේ ඇතිවන පෙනීමේ වෙනස්කම්, හදිස්සියේ ඇතිවන ඇවිදීමේ අපහසුතා, කරකැවිල්ල සහ සමතුලිත තාවේ වෙනස්කම්, හදිස්සියේ ඇතිවන ශරීරයේ එක් පැත්තක පණ නැතිවීම හෝ දැනීම ( සංවේදනය) වෙනස් වීම පෙන්වා දිය හැකිය.
06. පුංචි ආඝාත තත්ත්වය තුළ සිදුවන්නේ ආඝාතයට අදාළ රෝග ලක්ෂණ සුළු වේලාවක් (මිනිත්තු හෝ පැය කිහිපයක්) පැවතීමයි. පැය 24ක් ඇතුළත පුංචි ආඝාත තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව වේ.
07. ආඝාතයක රෝග ලක්ෂණ ඉක්මනින් හඳුනාගැනීම අතිශයින් වැදගත් වේ. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමෙන් ජීවිත බේරා ගැනීමටත්, ආබාධිත තත්ත්වයන් අවම කරගැනීමටත් පිළිවන.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                