අධිකරණයකට යන ඔබ දැන සිටිය යුතු කරුණු 7 ක්
- 24 01 2017
- 11:13
- {{hitsCtrl.values.hits}} views
- . .
01. අධිකරණයට අගෞරවයක් නොවන සුදු සහ කළු වර්ණවලට හුරු උචිත ඇඳුමකින් සැරසී, නියමිත වේලාවට පෙර (අධිකරණ කටයුතු ආරම්භ වීමට) පැමිණිය යුතුයි.
02. අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරයේ උපකරණ (ජංගම දුරකථන, පරිගණක, ඉලෙක්ට්‍රොනික උපකරණ) වලින් තොරව පැමිණිය යුතුයි.
03. නිසි ලෙස නීතීඥ උපදෙස් ලබාගෙන පෙර සූදානමකින් යුතුව, නීතීඥවරයාද සමග පැමිණිය යුතු අතර, සාක්ෂිකරුෙවකු ලෙස අධිකරණයට පැමිණෙන්නේ නම් අධිකරණයට පැමිණි විගස තමන් පැමිණි බව පොලිස් නිලධාරියාට හෝ අධිකරණ ලේඛාධිකාරීවරයාට හෝ අධිකරණ භාෂා පරිවර්තකයාට දැනුම්දිය යුතුය.
04. අධිකරණයට ඉදිරිපත් කළයුතු ලේඛන ඇත්නම් ඒවා නිසි ලෙස සූදානම් කරගෙන පැමිණිය යුතුය.
05. නඩු කටයුතුවලට නිශ්චිත කාල නිර්ණයක් නොමැති වීම හේතුවෙන්, නඩු දිනයේදී සම්පූර්ණ දවසම ඒ වෙනුවෙන් වෙන්කර ගැනීමට වග බලාගත යුතුය.
06. අධිකරණ ශාලා කිහිපයකින් යුත් අධිකරණ සංකීර්ණයක තම නඩුව පවතින්නේ තම තමන්ට අදාළ නඩු කටයුත්ත සිදුකරන අධිකරණය හා අධිකරණ ශාලාව පිළිබඳ පූර්ව දැනුවත්භාවයකින් යුතුව සිටිය යුතුය.
07අධිකරණ කටයුතු ආරම්භ වූ පසුව තමන්ගේ නඩු කටයුතු පිළිබඳව නිසි හා දැඩි අවධානයකින් සිටිමින්, නිසි අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු අතර, නඩු කටයුත්ත අවසානයේදී නඩුව කැඳවනු හෝ විභාගයට ගන්නා ඊළඟ දිනය දැනගෙන ඒ පිළිබඳව නිසි ලෙස සටහන් තබාගත යුතුය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

