රටේ යහපත් ආරක්ෂක තත්ත්වයක් ඇති බවට ජනපතිගෙන් විදෙස් තානාපතිවරුන්ට සහතිකයක්
රටේ වර්තමානය වනවිට යහපත් ආරක්ෂක වටපිටාවක් නිර්මාණය වි ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් තානාපතිවරුන් වෙත සඳහන් කළේය.
ජනාධිපතිතුමා සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක් අද (27) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැති අතර ඊට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.
ත්‍රස්ත අභියෝගයට එරෙහි සාර්ථක මෙහෙයුම් පිළිබඳව එහි දී තානාපතිවරුන් දැනුවත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ මේ වන විට රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සියයට අනූ නවයක් යහපත් බවට තමාට සහතික විය හැකි බවයි.
ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ සිදුකළ සාර්ථක මෙහෙයුම් ඊට හේතු වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා විදෙස් බුද්ධි අංශවලින් ද මෙරට අරක්ෂක අංශ වෙත ලැබුණු සහය ඇගැයීමට ලක් කළේය.
එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, ජර්මනිය, ඕස්ටේ්රලියාව සහ යුරෝපීය සංගමයට අයත් තානාපතිවරු මෙම හමුවට එක්ව සිටියහ.
ජාතික ආරක්ෂක වැඩපිළිවෙළේ දී එම සියලූ රටවල් ලබා දෙන සහාය මෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා ලබාදෙන සහාය ද අඛණ්ඩව අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා පාස්කු ඉරිදා සිදුවීමත් සමඟ සංචාරකයන් සඳහා පනවා ඇති බාධක කඩිනමින් ඉවත්කර ගැනීමට සහාය වන ලෙස ද තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආරියසිංහ, ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                