ශ්රී ලංකාව පිළිබඳ එජා මානව හිමිකම් මහ කොමසාරිස් දැඩි අවධානයෙන්
ශ්රී ලංකාවේ අම්පාර හා මහනුවර දිස්ත්රික්කවල ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 37 වැනි සැසිවාරයේදී එහි සාමාජික රටවල් පිළිබඳව වාචික යාවත්කාලීනය කරමින් මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කරයි.
“ශ්රී ලංකාවේ සුළු ජන කොටසටකට එරෙහිව ඇතිව තිබෙන ප්රචණ්ඩකාරී තත්ත්වය පිළිබඳව මම දැඩි අවධානය යොමුකර තිබෙනවා. මේ හරහා දිවයින තුළ හදිසි තත්ත්වයක්ද ප්රකාශයට පත්කර තිබෙනවා. මෙවැනි ප්රහාර සඳහා වගකිව යුත්තන් දුර්විපාක නොලබා සිටින්නට බෑ. මම රජයට කියනවා සංක්රාන්ති යුක්තිය ක්රියාත්මක කරන්න කියලා. වගවීම හා සංක්රාන්ති යුක්තිය ක්රියාත්මක නොවීම මේ සඳහා හේතුව වී තිබෙනවා. මෙවැනි ආකාරයට ක්රියාත්මක නොවීම ගැන මම සාමාජික රටවලින් ඉල්ලා සිටිනවා විශ්වීය යුක්තිය අනුව කටයුතු කරන්න කියලා. මේ පිළිබඳව මාර්තු 21 දා පූර්ණ දැනුම් දීමක් කවුන්සිලයට සිදුකරනවා” යැයි ඔහු සිය ප්රකාශයෙන් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

