ලෝක බෞද්ධ මහා සම්මේලනයේ හත්වන බෞද්ධ සමුළුව නොවැම්බර් මස 02 වැනිදා සිට 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
එහි සාමාජික රටවල් 47 ක ප්‍රධාන සංඝනායක හිමිවරු තුන්සිය නමක් ප්රමුඛ ගිනි පැවිදි නියෝජිතයන්රැසක් මෙම සමුළුව සඳහා සහභාගී වීමට නියමිතය.
මෙය ජාතික උත්සවයක් ලෙස නම්කර පැවැත්වීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.
'ලෝක සාමය උදෙසා බුදු දහම' යන තේමාව යටතේ ජපානයේ උත්තරීතර ලෝක බෞද්ධ සංගමය විසින් මෙම සමුළුව මෙහෙයවනු ලබයි.
මෙහිදී ලෝක සාමය හා සාරධර්ම ඇතිකරලීම හා ලෝකය පුරා බුදු දහම තවදුරටත් ව්‍යාප්ත කරලීම යන අරමුණු ඉටුකරගැනීම සඳහා මත ප්‍රකාශයක් එළිදැක්වීමටද නියමිතව ඇත.