සංචාරක කර්මාන්තයේ ප්රගමනය සඳහා හෝටල් ක්ෂේත්රය තුළින් ඉටුවන්නේ මහඟු කාර්යභාරයකි. එපමණක් නොව මෙතුළින් උත්පාදනය වන දෙස් විදෙස් රැකියා අවස්ථා ප්‍රමාණයත් විශාලය. එම කාර්යභාරය නිසි ආකාරයෙන් ඉටුවීමට සහ මෙම ක්ෂේත්‍ර රටේ දියුණුවට යොදාගැනීමට නම් නිසි පුහුණුවක් සහ අධ්‍යාපනයක් සහිත වෘත්තිකයන් හෝටල් ක්ෂේත්රයට අවතීර්ණ විය යුතුය. එම කාර්යයේදී හෝටල් පාසල්වල ක්‍රියාකාරීත්වය ඉතාමත් වැදගත්කොට සැලකේ. මේ පිළිබඳව කතාබහ කිරීමට 'Win – Stone' හෝටල් පාසලේ අධ්යක්ෂ ජගත් පෙරේරා මහතා අප 'අද' වෙත සම්බන්ධ කර ගතිමු.
'හෝටල් ක්ෂේත්රය කියන්නේ අද වෙනකොට ශ්‍රී ලංකාව තුළ ඉතාමත්ම ඉහළ මට්ටමක සහ ඉහළ පිළිගැනීමක් තිබෙන ක්ෂේත්රයක්. මීට දශකයකට පමණ කලින් තිබුණ තත්ත්වයත් එක්ක සසඳලා බැලුවොත් මෙම ක්ෂේත්රය වර්තමානයේදී ඉහළ දියුණුවක් ලබලා තිබෙනවා.
මීට දශකයකට පමණ පෙර තිබුණු තත්ත්වය ගැන කතා කළොත් ලෝකයේ රටවල් ගණනාවක් තමන්ගේ ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඉඩනොදුන් වතාවරණයක් දකින්නට ලැබුණා. එවකට මෙරට තිබුණු යුද වාතාවරණය සහ සංචාරක කර්මාන්තයේ තිබූ අඩු පහසුකම් ඊට හේතු වෙන්න ඇති. ඒ නිසා සංචාරකයන්ගේ පැමිණීම ඉතාමත් අඩු වුණා. හෝටල්වල කාර්යමණ්ඩලය පවත්වාගෙන ගියෙත් අපහසුතා මධ්‍යයේ. ඒ වගේම මේ ක්ෂේත්රයේ රැකියා අවස්ථා විරල වුණා. කාර්යමණ්ඩල කප්පාදුව නිසා එක් සේවකයෙක්ට තුන්හතර දෙනෙකුගේ වැඩ කොටස කරන්න සිදුවන පීඩනකාරී වැඩ පරිසරයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ සමග බොහෝ දරුවන් හෝටල් ක්ෂේත්රයේ රැකියාවලින් ඉවත් වුණා. බොහෝ අය විදෙස්ගත වුණා. මේ හේතුවෙන් හොඳ, දක්ෂ ශ්‍රමිකයන් ගණනාවක් අපේ රටට නැති වුණා.
නමුත් යුද්ධය අවසන් වෙලා රටේ වාතාවරණය සමාකාමී වීමත්, සංවර්ධන කටයුතු ආරම්භ වීමත් එක්ක නැවතත් ශ්‍රී ලංකාව සංචාරකයන්ට විවෘත වෙලා සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් වැඩිවෙන්න පටන්ගෙන තියෙනවා. ඒ සමග අලුතින් හෝටල් ගණනාවක් ආරම්භ වුණා. මේ වෙනකොටත් කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක හෝටල් ඉදිවෙමින් පවතිනවා. පෙරටත් වඩා බොහෝසෙයින් හෝටල් ක්ෂේත්රයේ පහසුකම් දියුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් දැන් තිබෙන ප්‍රධානතම ප්රශ්නය වෙලා තිබෙන්නේ හෝටල් ක්ෂේත්රයේ පුහුණු වෘත්තිකයන්ගේ අධික හිඟය. ලෝකයේ කිසිදු රැකියාවකට එක් රැයින් වෘත්තිකයෙක් බිහිකරන්න අපිට බැහැ. අද වෙද්දි හෝටල් ක්ෂේත්රයේ තනතුරු රැසක පුරප්පාඩු රැසක් තියෙනවා. මේ තත්ත්වය දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙනුත් දකින්නට ලැබෙනවා. යුරෝපා රටවල් සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල සහ මගී නෞකාවල පුහුණු වෘත්තිකයන්ට ඉහළ වැටුප් සමග රැකියා අවස්ථාවන් රැසක් තිබෙනවා. සංචාරක පැමිණීම වැඩි වීමත් එක්ක හෝටල් ක්ෂේත්රයේ නව විවිධාංග එකතු වෙලා තරගකාරීත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කුමන පහසුකමක් දියුණු වුණත් පුහුණු ශ්‍රමික හිඟයක් පවතිනවා නම් එහි ගැටලුවක් පවතිනවා.
හෝටල් ක්ෂේත්රයේ දකින්නට ලැබෙන දුර්වලතාවන් ගැන කතා කළොත් සමහර විට ආහාරවල හෝ සේවයේ යම් යම් අඩුපාඩු සිදුවනවා. නමුත් නිසි පුහුණුවක් ලැබූ වෘත්තිකයන් සහිත කාර්යමණ්ඩලයකින් එවැනි අඩුපාඩු සිදුනොවන තරම්. ඕනෑම සංචාරකයෙක් මේ රටට එන්නේ හිත නිදහසේ තමන්ගේ කාලය ගතකරලා යන්න. අප වෙත එන සංචාරකයා නොසතුටට හෝ පීඩනයට පත් වුණොත් ඒක සමස්ත පද්ධතියටම බලපාන්න පුළුවන්. ඒ තත්ත්වය මේ ක්ෂේත්රයේ සිටින සියලු දෙනාම තේරුම්ගත යුතුයි. නමුත් ශ්‍රී ලංකාව තුළ ඒ දුර්වලතා ඉතාමත්ම අවම වශයෙනුයි දකින්නට ලැබෙන්නේ. අදටත් ලෝකයේ ඉහළම ආගන්තුක සත්කාරයන් දක්වන්නේ අපේ රට.
මීළඟට හෝටල් ක්ෂේත්රයට පිවිසෙන තරුණ දරුවන්ට තිබෙන අවස්ථා ගත්තොත් අද වෙද්දි ශ්‍රී ලංකාවේ හෝටල් පුහුණු වෘත්තිකයන් හෝටල් පුහුණු පාසලෙන් පිටවෙන්නේ කොයිවෙලාවෙද කියලා බලාගෙන සිටින තත්ත්වයක් තිබෙනවා. හෝටල් පාසල තුළටම ඇවිල්ලා මේ දරුවන්ට තමන් සමග එක්වෙන්න කියලා ආරාධනා ලැබෙනවා. එතරම්ම ඉල්ලුමක් ලෝකය පුරාම අද මේ ක්ෂේත්රයේ ඇති වෙලා තිබෙනවා. රටක සංචාරක කර්මාන්තය දියුණු කරන්න විශාලම වැඩකොටස ඉටුකරන්නේ හෝටල් ක්ෂේත්රය විසිනුයි. එවැනි ක්ෂේත්රයක නියැළෙන වෘත්තිකයා රටේ සංවර්ධනයේ සාඩම්බර කොටස්කරුවෙක් බවට නිරායාසයෙන්ම පත් වෙනවා.
නියම හෝටල් පාසලකින් බිහිවන වෘත්තිකයෙක්ට කවදාවත් වරදින්නේ නැහැ. ඒ වෘත්තිකයාට නිවැරදි දැක්මක් තිබෙනවා. අධ්‍යාපනය පමණක් නෙවෙයි, විනය සහ එදිනෙදා ජීවිතයට නිසි කළමනාකර‘ණයක් ඔවුන් සතුව තිබෙනවා. මේ අනිවාර්ය ගුණාංග හෝටල් ක්ෂේත්රය වැනි ක්ෂේත්රයක නියැළෙන වෘත්තිකයෙකුට නොතිබුණොත් ඔවුන්ට පැවැත්මක් නැහැ. හෝටල් ක්ෂේත්රයේ නියැළෙන වෘත්තිකයා මේ ගුණාංගයන් අවබෝධ කරගෙන ඒවා තමන් තුළ පවත්වා ගත්තොත් ඔහු එතැනදි රකින්නේ තමන්ගේත්, ඔහු සේවය කරන ආයතනයේත් වගේම සමස්ත රටේම ගෞරවයයි.
'Win – Stone' හෝටල් පාසල අපි ආරම්භ කළේ 2004 වර්ෂයේදීයි. මේ වෙද්දි දෙස් විදෙස් සාර්ථක වෘත්තිකයන් දස දහසකට අධික ප්‍රමාණයක් අපේ පාසලෙන් බිහිකරලා තියෙනවා. දැනට වාර්ෂිකව දහසකට ආසන්න හෝටල් ක්ෂේත්රයේ පරිපූර්ණ වෘත්තිකයන් පිරිසක් අපේ ආයතනයෙන් බිහිකරනවා. ඒ වගේම මේ සෑම දරුවෙකුටම දේශීය හෝ විදේශීය හෝටල් ක්ෂේත්රයේ හොඳම හෝටල්වල ඉහළ වැටුපක් සහිත රැකියාවක් අනිවාර්යයෙන්ම අපි විසින්ම ලබාදෙනවා. ඒ නිසා මේ හෝටල් පාසලේ පුහුණුව ලබන කිසිම දරුවෙක්ට රැකියාව පිළිබඳ කිසිදු සැකයක් තබාගත යුතු නැහැ කියලා අපි සහතික වෙනවා. දේශීය වශයෙන් සිනමන් ග්‍රෑන්ඩ්, සිනමන් ලේක්, ටාජ් සමුද්‍රා, මවුන්ට් ලැවීනියා, ගෝල්ෆේස් හෝටල් ඇතුළු මෙරට ප්‍රමුඛතම හෝටල් ගණනාවකින් අපේ හෝටල් පාසලෙන් බිහිවන දරුවන්ට විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, නෝර්වේ, නවසීලන්තය වගේ රටවල් රැසකට වෘත්තීන් සඳහා යන්න මේ සෑම දරුවෙක්ටම අවස්ථාව සහ අවශ්‍ය පහසුකම් අපි නොමිලේ ලබාදෙන්න බැඳී ඉන්නවා.
අපේ හෝටල් පාසලට ඇතුළත් වෙන සෑම දරුවෙකුටම නිලඇඳුම්, පුහුණු අමුද්‍රව්‍ය, නවීන තාක්ෂණයත් යොදාගෙන විනයානුකූල පරිසරයක් තුළ ලබාදෙන පරිපූර්ණ අධ්‍යාපනයක්, පරිපූර්ණ ප්‍රායෝගික අත්දැකීම්, පරිගණක දැනුම, ඉංග්‍රීසි භාෂා දැනුම, ක්ෂේත්රයේ විශිෂ්ටයන් රැසකගේ මගපෙන්වීම අප විසින් ලබාදෙනවා. ඔවුගේ ඉලක්ක කරා යන්න නිරන්තරයෙන්ම අපි ඔවුන්ට මාර්ගෝපදේශනය ලබාදෙන්න බැඳී ඉන්නවා. ඔස්ට්‍රේලියානු රජය විසින් හෝටල් පුහුණුව සම්බන්ධයෙන් ලබාදෙන 'tafe' සහතිකය පිරිනමන ලංකාවේ එකම හෝටල් පාසල අපේ පාසලයි. උපාධිය දක්වා මේ අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වෙන අයට ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ මැලේසියාව වැනි රටවල මේ සම්බන්ධයෙන් තිබෙන හොඳම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම මගී නෞකාවල සේවය සඳහා සිසුන් යොමු කිරීමට බලය තිබෙන එකම හෝටල් පාසලත්
'Win – Stone' හෝටල් පාසලයි. සහතික පත්‍ර පාඨමාලාවේ සිට ඩිප්ලෝමා පාඨමාලාව දක්වාම සාමන්‍ය පෙළ සමත් හෝ පෙනී සිටි ඕනෑම දරුවෙකුට අපිත් එක්ක එකතු වෙලා අනාගතය සාර්ථක කරගන්න කියලා ආරාධනා කරනවා'