අනුරාධපුරය - යාපනය ප්‍රධාන මාර්ගයේ යාපනය හංදිය දෙස සිට රබැව දෙසට ධාවනය වු බස් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂය පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. තිලින මධුෂාන් (19), සත්සර ලක්මාල් කරුණාරත්න (18) යන තරුණයන් මෙසේ ජීවිතක්ෂට පත්ව තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයට අද (21දා) සිදු කිරීමට නියමිතය.