මෙවර මහ කන්නයේ අතිරේක ආහාර බෝග නිෂ්පාදනය සියයට 12 කින් පමණ ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. බඩ ඉරිඟු, ලූනු, මිරිස්, කව්පි, මුංඇට සහ කුරක්කන් ආදී අතිරේක බෝග දිවයිනේ බොහෝ ප්රදේශවල වගා කිරීම හේතුවෙන් මෙම වර්ධනය සිදුව ඇති බව දෙපාර්තුමේන්තුව කියයි.
අදාළ ආහාර බෝගවලින් මහ කන්නයේදී මෙට්රික් ටොන් හය ලක්ෂ හැටතුන් දහස් අටසිය දහ අටක අස්වැන්නක් ලැබී තිබීම විශේෂත්වයක් බව එම දෙපාර්තුමේන්තුය ප්රකාශ කරයි.