පාර්ලිමේන්තුවේදි අදත් 'මයික්' අවුලක්
- 26 10 2016
- 11:08
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
පාර්ලිමේන්තු සභා ගර්භයේ පවතින මයික්‍රොෆෝන පද්ධතියේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් අද (26දා) පාර්ලිමේන්තු සැසිය ආරම්භ කිරීම පැයක පමණ කාලයක් ප්‍රමාද වූයේය.
ඊයේ (25දා) දිනයේදීත් මයික්‍රෝෆෝන පද්ධතියේ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය. පාර්ලිමේන්තු සභා ගර්භයට නව මයික්‍රොෆෝන පද්ධතියක් හඳුන්වාදී ඇති අතර එයට මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් විරෝධය දක්වා ඇති බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවැසීය.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිර්මාණ ශිල්පියා වන ජෙෆ්රි බාවා මහතාගේ ගෘහ භාණ්ඩ සැලසුම්වලට නොගැලපෙන අයුරින් නව මයික්‍රොෆෝන පද්ධතිය ස්ථාපිත කර ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
