ඉතාලියේ වතිකානුවේ තුන් දින චාරිකාව ආරම්භ කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02දා) සන්ධ්‍යාවේදී රෝමයේ ෆියුමිසිනෝ ගුවන් තොටුපළට ළඟා වී තිබේ.
ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද ජනාධිපතිවරයා සමග මෙම චාරිකාවට එක්ව සිටී.
වතිකානුවේ ප්‍රධාන නිලධාරී ජොසේ බෙතන්කෝට්, ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ, ශුද්ධස්ථානයේ ශ්‍රී ලංකා තානාපති සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ යන මහත්වරු ජනාධිපතිවරයාව ගුවන් තොටුපළේදී පිළිගෙන තිබේ.
ජනාධිපතිවරයා අද (03දා) අපෝස්තොලික මාළිගයේදී පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීමට නියමිත අතර, පාප් වහන්සේ ලබන වසරේ ජනවාරියේ දී ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත වීමට නියමිතය.
6 වැනි පාවුළු පාප් වහන්සේ 1970 දීද, 2 වැනි ජාවාම් පාවුළු පාප්වහන්සේ 1995 දීද ශ්‍රී ලංකාවේ චාරිකා කළහ.
අගවිනිසුරු මොහාන් පීරිස්, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, රාජ්‍ය සම්පත් හා ව්‍යවසායක සංවර්ධන අමාත්‍ය දයාශ්‍රිත තිසේරා, විදේශ නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඇන්තනී වික්ටර් පෙරේරා, විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග යන මහත්වරු සහ විදේශ අමාත්‍යාංශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මියද මෙම චාරිකාවට සහභාගි වූහ