කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය විසින් උපකුලපති ගොඩනැගිල්ලේ ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය තාවකාලිකව අද (10දා) අවසන් කරන ලදී.
උපකුලපති මහාචාර්ය කුමාර හිරිඹුරේගම මහතාට ඉල්ලා අස්වන්නැයි බලකරමින් ඊයේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබුණු අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිවරයා සමග ආචාර්ය සංගමය පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරව මෙම තීරණයට එළඹ තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය සහ විශ්වවිද්‍යාලයිය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය එක්ව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ගොඩනැගිල්ලේ අද පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මෙම තීරණය දැනුම් දුන්නේය.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ