Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා
2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා
ගණිත අංශයේ දිවයිනේ ප්‍රථමයා - ඕෂධ ජයසිංහ
මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ දසුන් ඕෂධ ජයසිංහ සිසුවා සමත්විය.ගම්පහ ඉඹුල්ගොඩ පදිංචි ඕෂධ පසුගිය 2012 වසරේ අපොස සා.පෙළ විභාගයෙන්ද දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර, ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188 ක් ලබාගනිමින් රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමට වරම් දිනාගත් ශිෂ්‍යයෙකි.
"මම හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණා. ඒත් දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලැබේවි කියලා හිතුවෙ නෑ. මගේ මේ ජයග්‍රහණය පසුපස මගේ දෙමාපියන්, මගේ අක්කා, නංගී මගේ පංතිභාර ගුරුතුමා වූ ධම්මික කරුණාරත්න සර් වගේම රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර සර් ඇතුළු ගුරු මණ්ඩලය සිටිනවා. මම පොතපතට අමතරව විෂය බාහිර ක්‍රියාකාරකම්වලත් නියැළුණා. කනිෂ්ඨ ක්‍රිකට්, බැඩ්මින්ටන් වැනි ක්‍රීඩා වගේම මම පාසලේ ශිෂ්‍ය නායකයෙක්. තවද ඔලිම්පියාඩ් තරගාවලියෙන් ලෝකඩ පදක්කම දිනාගත්තා. පාසලේ විද්‍යා දැනුම මිනුම කණ්ඩායමේ නායකයා වගේම පාසලේ සමිති සමාගම්වල සාමාජිකත්වය දැරුවා" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
වෛද්‍යවරියක වී රෝගීන් සුවපත් කිරීමට අදහස් කළ තමන්ගේ බලාපොරොත්තු ඉටුවීම සම්බන්ධයෙන් මහත් සතුටක් දැනෙන බව පසුගිය වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථමයා ලෙස සමත් වූ ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ ෙතපුලි උමේෂා කරුණාවල්ලභ සිසුවිය පැවසුවාය.
පහ වසර ශිෂ්‍යත්වයෙන් මෙන්ම, අපොස සාමාන්‍ය පෙළින්ද ඉහළම සාමර්ථ්යන් ලැබූ උමේෂා, මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ගම්පහ සිරිකුරුස විදුහලෙනි. ගම්පහ බැන්ඩියමුල්ලේ පදිංචි උමේෂාගේ පියා කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ වැඩ බලන විදුහල්පති උදය කරුණාවල්ලභ මහතායි. මව ගම්පහ යශෝධරා බාලිකා විදුහලේ ආචාරිනී ජයනි දිසානායක මහත්මියයි. ඇය පවුලේ එකම දරුවායි. ගම්පහ දිසාවේ පළමු වැනියා ලෙස ලකුණු 166 ක් ලබා ශිෂ්‍යත්වය සමත්වූ උමේෂා සාමාන්‍ය පෙළ විභාගය සමත්වී ඇත්තේ දිවයිනේ පස් වැනියා ලෙසිනි. අධ්‍යාපනයට මෙන්ම, විෂය බාහිර කටයුතුවලටත් එක සේ දස්කම් දැක්වූ දිරිය දියණිය විදුහලේ ශිෂ්‍ය නායිකාවක්ද වූවාය. ඇය මෙවර සිය දස්කම් දක්වා ඇත්තේ Z අගය 2.9196 ක් ලෙස අත්කර ගනිමිනි.
"මගේ ජයග්‍රහණයට අම්මා මගේ සෙවණැල්ල වගේ ළඟින් හිටියා. තාත්තත් එහෙමයි. මගේ පාසල් ජීවිතයේ ගුරු දෙව්වරුන් සියලු දෙනා මට හරිමග කියා දුන් නිසා මේ ජය ලබන්න හැකිවුණා. පාසලේ මෙන්ම උපකාරක පන්තිවලින් මට මගේ දැනුම වැඩිකර ගත්තා" විදුහල් ඉතිහාසයේ රන් අකුරින් සටහන් කෙරුණු මේ වාර්තාමය ජයග්‍රහණය පිළිබඳ රත්නාවලී විදුහල්පතිනී කර්නල් එච්.ඒ.එච්. ජයවර්ධන මහත්මියයි. තම විදුමවගේ දියණියට සුභපැතීමට ක්‍රියා කළේ හදපිරි සතුටිනි.
අ.පො.ස උසස් පෙළ විභාගයට පසුගිය වසරේ පෙනී සිටි කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ අකීල් මොහොමඩ් ශිෂ්‍යයා වාණිජ අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්විය.කුරුණෑගල පුත්තලම මාර්ගයේ පදිංචිව වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන පියා පලීල් මොහොමඩ්ය. මව සයිරුල් වසීරාය.
අකීල් වයඹ රාජකීය විදුහලේද, කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලෙන් 'ඒ' සාමාර්ථ නවයක්ද සහිතව විශිෂ්ට ලෙස සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළට වාණිජ විෂයය හැදෑරීමට මලියදේව විදුහලට ඇතුළත්ව තිබේ. ඒ අනුව අකීල් උසස් පෙළට පෙනී සිටියේ ඉංග්‍රීසි මාධ්‍ය‘යෙනි. අකීල් පැවසූවේ මෙම විභාගයට තමන් ඉතා සැහැල්ලුවෙන් හා ක්‍රමානුකූලව පෙනී සිටි බවයි. පාඩම් වැඩ කරන අතරේම මම ගෙදරදී රූපවාහිනිය නැරඹුවා. වෙනත් පොතපත ගැනත් කියෙව්වා.
"මේ ප්‍රතිඵලය ගැන මම හරිම සන්තෝෂයි. මේ වගේ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා මම විශ්වාස කළේම නැහැ. මට මේ ප්‍රතිඵලය ලබාගැනීමට දායක වුණු මගේ පළමු වැනි පාසලේ සිට මේ දක්වාම සියලුම ගුරු මෑණිවරුන්ට, පියවරුන්ට මගේ ස්තුතිය පුද කරනවා. ඔවුන් නිසයි මට මේ ජයග්‍රහණය ලැබුණේ. විශේෂයෙන්ම මේ වගෙ ජයග්‍රහණයක් සඳහා අපිට යම්කිසි ඉලක්කයක් ලබාදීලා ඒ සඳහා අපිව මෙහෙයවපු මලියදේව විදුහලේ විදුහල්පතිතුමා, වාණිජ අංශයේ අධීක්ෂණ නියෝජ්‍ය විදුහල්පතිතුමාට වගේම, අපේ වාණිජ අංශය භාර ප්‍රසන්න සර්ටත්, අපේ පන්තිභාර සරත් සර්ටත් මගේ ගෞරවය පිරිනවා"
තම අනාගත බලාපොරොත්තු ගණාධිකාරීවරයෙකු වීම බවද එහිදී අකීල් අපට පැවසුවේය.
පසුගිය වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ කේ.ඒ. ජීවා නයනමාලි සිසුවිය සමත්වූවාය.ඇය උසස් පෙළට කලා අංශයෙන් ගෘහ ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව සහ චිත්‍ර කලාව යන විෂයයන්වලින් පෙනී සිටි මෙම විශිෂ්ට ජයග්‍රහණය හිමිකරගෙන තිබේ. කුරුණෑගල බෝයගනේ ඕගොඩපොල පදිංචිව සිටින නයනමාලිගේ පියා කේ.ඒ. රංජිත් මහතාය. ඔහු වෘත්තියෙන් වඩුකාර්මික ශිල්පියෙකි. මව එච්.එම්. සීලවතී හේරත් මහත්මියයි.
"මේ ජයග්‍රහණය දැනගත්තාම මට ගොඩක් සතුටු හිතුණා. මේ විදිහට ලංකාවෙන්ම පළමු වැනියා වෙයි කියලා නම් සිහිනෙකින්වත් හිතුවේ නැහැ. හැබැයි හොඳ රෑන්ක් එකක් ලැබෙයි කියලා නම් මම හිතුවා. ඒ නිසාමයි මට ගොඩක් සතුටු. මම අධ්‍යාපනය ලබපු මලියදේව බාලිකා විදුහලට මේ වගේ ගෞරවරයක් ලබාදීමට පුළුවන්වීම මගේ ජීවිතයේ ලබපු ලොකුම වාසනාවක්. මම අධ්‍යාපනය කරන අතිරේක විෂයය බාහිර කටයුතුවල යෙදුණා. විශේෂයෙන්ම මම චිත්‍ර ශිල්පයට ගොඩාක් ඇලුම් කරනවා. උසස් පෙළ විභාගයට වුණත් මම මුහුණ දුන්නෙ හරිම සැහැල්ලුවෙන්. මගේ අධ්‍යාපන කටයුතු සඳහා විදුහල්පතිතුමිය, ගෘහ ආර්ථික විද්‍යා භාර වගේම පන්තිභාර ගුරු මෑණිවරුන්ද මට ගොඩක් උදවු කළා. මම චිත්‍ර ශිල්පයට ගොඩක් ආසා කරන නිසා ඩිසයිනින් පැත්තෙන් ඉදිරියට යාම තමයි මගේ අනාගත බලාපොරොත්තුව" යැයිද නයනමාලි වැඩිදුරටත් පැවසුවාය.
ධෛර්ය හා කැපවීම තිබූ නිසා ජයග්‍රහණය කිරීමට හැකිවූ බව ඉංජිනේරු තාක්ෂණය විෂය ධාරාවෙන් මුළු දිවයිනෙන්ම පළමු ස්ථානයට පත් මාතලේ සාන්ත තෝමස් විදුහලේ ශානක අනුරාධ සමරකෝන් සිසුවා පැවසීය. එහිදී ශානක තොරතුරු තාක්ෂණය, තාක්ෂණය සඳහා විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණය යන විෂයන් සඳහා විශිෂ්ට සාමර්ථ්‍ය ලබා ඉසඩ් ඉස්කොර් 3.4876ක් ලබාගැනීමට සමත්විය.
ශානක මාතලේ පල්ලේපොල මානින්ගමුව ප්‍ර‘දේශයේ පදිංචිව සිටියි. ඖෂධ සංයෝජක නිලධාරියෙකු වන එස්. එම්. වෝහාරතිස්ස මහතා සහ මාතලේ දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කාර්යාල නිලධාරිනියක වන ස්වර්ණලතා මානින්ගමුව යන අය ශානකගේ ආදරණීය දෙමාපියන්ය. පවුලේ බාලදරුවා වන ශානක, ඔහු වැඩිමහල් සහෝදරයෙකු සිටියි.විද්‍යාලයේ බාහිර ක්‍රියාකාරම්වලට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ ශානක සාන්ත ජෝන් ගිලන් රථ සේවාවේ සහ විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සාමාජිකයෙක් සහ තොරතුරු තාක්ෂණ සංගමයේ සාමාජිකයෙකි.
වැඩිදුරටත් අප වෙත අදහස් දැක්වූ ශානක, "මම මෙම ජයග්‍රහණය බලාපොරොත්තු වුණා. අරමුණක් හා අධිෂ්ඨානය සිතෙහි තබාගෙන කටයුතු කරපු නිසා මට මෙම ජයග්‍රහණයට ලැබුණා. මේ සඳහා මගේ දෙමාපියන් දෙදෙනා මහත් කැපවීමක් කළා. ඒ වගේම විද්‍යාලයේ විදුහල්පති දම්පිය වනසිංහ ගුරුතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙම ජයග්‍රහණය පිටුපස යෝධ සෙවණැල්ලක් වගේ සිටියා" යැයි සතුටු කඳුළු සලමින් පැවසීය.
අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ජෛව පද්ධති තාක්ෂණ අංශයේ ප්‍රථම ස්ථානය බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයේ වාසනා නවෝදනී මාරසිංහ ශිෂ්‍යාවට හිමිවී තිබේ.මෙම විද්‍යාලයෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති නවෝදනී, එම විභාගයෙන්ද %ඒ^ සාමර්ථ්‍ය 9 ක් ලබා උසස් ලෙස සමත් වූවාය.
බණ්ඩාරවෙල ඇල්ලතොට අංක 31 ලෝලෑන්ඩ් ලිපිනයේ ඇය පදිංචිව සිටින නවෝදනීගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර, ඇයට බාල සහෝදරියක සිටියි.
විදුහලේදී ලද ඉගෙනීමට අමතරව බණ්ඩාරවෙල නගරයේ පුද්ගලික උපකාරක පන්තිවලටද සහභාගි වූ බවත්, ඉතා උනන්දුවෙන් ඉලක්කයක් ඇතිව පාඩම් කළ බවත් නවෝද්‍යා පැවසුවාය.
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ පොදු විෂය ධාරාවෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ වී.එම්. බුද්ධික චතුරංග ශිෂ්‍යා සමත් විය. ඔහු තොරතුරු තාක්ෂණය, භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය යන විෂයන් හදාරා පිළිවෙළින් 'ඒ' සාමාර්ථ දෙකක් සහ 'බී' සාමර්ථ්‍යක් ලැබීය. රත්නපුර මිහිඳු විද්‍යාලයෙන් 1 වසරේ සිට 5 වසර මූලික අධ්‍යාපනය ලැබූ බුද්ධික, ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 167ක් ලබා සීවලී මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වී උසස්පෙළ දක්වා මෙලෙස අධ්‍යාපනය හදාරා ඇත.
ඔහු රත්නපුර මිහිඳුගම පදිංචිව සිටින අතර, ඔහුගේ පියා රංජිත් ලාල් කරුණාරත්න මහතා ශිෂ්‍යා කුඩා කලදී මියගොස්ව ඇත. මව වන පී.වී. ධර්මලතා මහත්මිය රත්නපුර බටුහේන නවෝද්‍යා පාසලේ ප්‍රාථමික අංශ ගුරුවරියකි. වැඩිමහල් සහෝදරිය වසුන්දරා පියමාලිය. පවුලේ දෙවැනියා ඔහුය. බාහිර වැඩවලට අවධානය යොමු කරමින් අධ්‍යාපනයට වැඩි අවධානයක් යොමු කරන මෙන් ඔහු සියලු අධ්‍යාපනය ලබන සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටී. තමාගේ ජයග්‍රහණයට මව, අක්කා, ගුරුවරු හා යහළු යෙහෙළියන්ගෙන් ලැබුණු දායකත්වය ස්තූති පූර්වකව බුද්ධික සිහිපත් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd