යුද්ධය හේතුවෙන් වසර 26 ක් පුරාවට ආරක්ෂක අංශ භාරයේ තිබූ වවුනියාව, කුඩිඉරිප්පු ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ තාවකාලික යුද හමුදා කඳවුරෙන් යුද හමුදාව ඉවත් වී ඇත.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා කඳවුරක් වන මෙම කුඩිඉරිප්පු කඳවුර මගින් යුද සමයේදී ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් සිංහල, දෙමළ හා මුස්ලිම් වැසියන්ගේ ආරක්ෂාව සැලසීමට මහත් කැපවීමක් සිදුකළ කඳවුරකි.
සාමය උදා වීමෙන් පසුව සිවිල් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වීමෙන් පසුව එම කඳවුර පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල යළි වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත භාරදීමට යුද හමුදාව පියවර ගෙන ඇති බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
්