මෙවර ජාතික අලුත් සහල් මංගල්‍යය 48 වන වතාවටත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ලබන 04 වන දින ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. වී අස්වනු නෙළාගැනීමෙන් අනතුරුව සකස්කර ගන්නා සහල්වල අග්‍ර කොටස එනම්‚ අලුත් අස්වැන්නේ දෙනු ලබන ප්‍රථම දානය අලුත් සහල් මංගල්‍යය නම් වේ. කෘෂිකර්මාන්තයේ දී තමන්ට උදව් උපකාර කළ සියලු දෙනා වෙත කෘතගුණ දැක්වීමේ ශ්‍රේෂ්ඨ ගුණාංගය ඉස්මතු කරමින් ලාංකේය වාපි සංස්කෘතිය හා බැඳුණු කෘෂිකර්මාන්තයේ අනිවාර්ය අංගයක් ලෙස අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබයි.