ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට මහින්ද රාජපක්ෂ මහතාට හා ඔහුගේ කණ්ඩායමට අවස්ථාව නොදීමට ශ්රී.ල.නි.ප. හා සන්ධානයේ සභාපති ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
එසේම මහින්ද පාර්ශ්වයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය තහවුරු කර ගැනීමට හැකියාව පැවතියද එහිදී මතුවිය හැකි නීතිමය අර්බුදයක් නිසා %සන්ධානය^ අත්හැරීමටත් ඊට විකල්පයක් ලෙස වෙනම පෙරමුණක් ලෙස ඉදිරි මහ මැතිවරණයට පැමිණීමටත් මහින්ද පාර්ශ්වය ඊයේ (02දා) රාත්රියේ තීරණය කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා නොදීමට ආසන්නම හේතුව ලෙස දැක්වෙන්නේ ඔහු සමග සන්ධාන ගතව සිටින අනෙකුත් පිරිසට කිසි ලෙසකින් හෝ නාමයෝජනා ලබා දීමට ජනාධිපතිවරයා අකමැත්ත පළ කිරීමයි. මහින්ද රාජපක්ෂ මහතාට ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා දීමට හැකි වුවද &හොරු*න්ට නාමයෝජනා ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා තරයේ ප්රකාශ කර ඇතැයි වාර්තාවේ.
මේ අතර මහින්ද පාර්ශ්වය සිය දෙවැනි සැලසුම ක්රියාත්මක කරමින් සන්ධානයේ බලය අල්ලා ගැනීමට උත්සාහ කළද අවසානයේ දී පැනනැගිය හැකි නීති තත්ත්වයක් හේතුවෙන් එම සැලසුමද අත්හැර දැමීමට මහින්ද පාර්ශ්වය තීරණය කර තිබේ.
සන්ධානයේ විධායක සභාවේ වැඩි බලය මහින්ද පාර්ශ්වයට තිබුණද පෙරකී නීතිමය තත්ත්වයක් ඇති වුවහොත් සන්ධානයේ බලය ලබා ගෙන සන්ධානයෙන් නාමයෝජනා ඉදිරිපත් කළත් එම නාමයෝජනා ප්රතික්ෂේප විය හැකි තත්ත්වයක් පවතින බව නීති විශාරදයින් පෙන්වා දී තිබේ. ඒ අනුව මහින්ද පාර්ශ්වය නාමයෝජනා ප්රතික්ෂේප වීමේ අවදානමක් නොගෙන දෙවැනි සැලසුමද අත්හැර තුන්වැනි සැලසුමකට ගමන් කිරීමට මහින්ද පාර්ශ්වයට සිදුව තිබේ.
මේ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු බොහෝ දෙනෙකු මෙවර මහින්ද සමග නව පෙරමුණකින් මැතිවරණයට පැමිණීමට නියමිත බව මහින්ද පාර්ශ්වය ප්රධාන සාමාජිකයෙකු %අද^ට ප්රකාශ කළේය.
මේ අතර ජනාධිපතිවරයා අවසන් මොහොත දක්වා ශ්රී ලංකා නිදහස් පක්ෂය පිරිසුදු කර ගැනීම වෙනුවෙන් කළ කැප කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්රී පිලේ නායකයෝ දැඩි ප්රසාදය පළ කරති. ජනවාරි 08 වැනිදා ලැබූ ජයග්රහණය අර්ථ ගැන්වීමට ජනාධිපතිවරයා අතිශය තීරණාත්මක තත්ත්ව යටතේ කළ කැප කිරීම මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් බවද ඔවුහු පවසති. එහෙයින්ම ජනාධිපතිවරයා නියෝජනය කරන පිරිසුදු දේශපාලඥයන් ජයග්රහණය කර වීමට අති විශාල පිරිසක් එක් රොක්වනු ඇතැයි ජනාධිපතිවරයාට අතිශය සමීප ආරංචි මාර්ග විශ්වාසය පළ කරයි.