මම කිවුව දෙයක් සිංහල ජනතාව වැරදියට තේරුම් අරන්
"මම මෑතකදී දෙමළ භාෂවෙන් කියූ දෙයක් දකුණේ සිංහල ජනතාව වැරදි විදියට තේරුම් අරගෙන තියෙනවා. මම නොකියපු දේවල් ගැන විවේචනය කරලා තියෙනවා. හින්දු කෝවිලක්, බෞද්ධ විහාරයක්, ක්‍රිස්තියානි පල්ලියක් හෝ මුස්ලිම් පල්ලි ඉදිකිරීමට පෙර එම ස්ථාන ඉදිකිරීමට අපේක්ෂිත ප්‍රදේශයේ පළාත් පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඉදිකිරීම් කළයුතුයි.
ඒ හැර හිතුවක්කාරකමකින් හමුදාවේ සහාය අරගෙන මිනිස්සුන්ගේ පෞද්ගලික ඉඩම්වල සිද්ධස්ථාන නිර්මාණය කිරීම, බලහත්කාරයෙන් කරන එකක්. එහෙම කරන එකේ බලාපොරොත්තුව මොකක්ද කියලා අපේ මිනිස්සු අහනවා කියලා තමයි මම කිවුවේ. එහි වැරැද්දක් තියෙනවා කියලා මට නම් තේරෙන්නේ නැහැ. එනිසා මගේ කතාව නියම විදියට කියවලා, තේරුම් අරගෙන විවේචනය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා"
යනුවෙන් 42 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ සමාප්ති උත්සවයට සහභාගි වෙමින් උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේෂ්වරන් මහතා පැවසීය. මීට පෙර යාපනයේ පැවති 'දෙමළ ජනතාවනි නැගිටිව්' උත්සවයේදී ඔහු උතුරේ පන්සල් පල්ලි ඉදිකිරීමට නොහැකි යැයි ප්‍රකාශ කළ බවට මාධ්‍ය වාර්තා පළ විය.එයින් පසු එම ප්‍රකාශයට එරෙහිව රටේ විශාල විරෝධයක් මතුවිය. ඒ අතර යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගණයේ පැවති ජාතික මහා ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවයට ඔහු සහභාගි නොවීමද කැපී පෙනෙන සිදුවීමක් විය.
ඡයාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

