(UPDATE) බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ ජෝ කොක්ස් රැස්වීමක් අමතා පිටතට පැමිණෙමින් සිටියදී සිදුවූ වෙඩි තැබීමකින් හා පිහි ඇනුමකින් ඝාතනයට ලක්ව තිබේ.
බ්‍රිතාන්‍ය දේශපාලනයේ නැගී එන තරුවක් ලෙස සැලකෙන ඇය මිය යනවිට 41 වැනි වියෙහි පසු වූ අතර, 1990 වසරේදී අයි.ආර්.ඒ. ප්‍රහාරයකින් කන්සවර්ටිව් පක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ඉයන් ගොව් ඝාතනය වීමෙන් පසුව එරට බලයේ සිටින නීති සම්පාදකයෙකු ඝාතනය වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
උතුරුදිග එංගලන්තයේ, ලීඩ්ස් ආසන්න, බ්‍රිස්ටල්හිදී මෙම ඝාතනය සිදුවූ ස්ථානයට නුදුරේදී වයස 52ක පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර, ගිනිඅවියක්ද අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පැයක් ගතවීමට මත්තෙන් වෛද්‍යවරුන් විසින් මන්ත්‍රීවරිය ජීවිතක්ෂයට පත්වූ බව නිවේදනය කළ අතර, මෙම ඝාතනයට හේතුව මේ දක්වා අනාවරණය වී නැත.
දරුවන් දෙදෙනෙකුගේ මවක වන කොක්ස්, යෝක්ෂයර්හි බැට්ලේ සහ ස්පෙන් නියෝජනය කරමින් 2015 දී එරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරියකි.
.....
ප්රචාරක රැස්වීම අවසන් කොට පුස්තකාල ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණෙන විට පිටතින් කෝලාහල කරගත් පුද්ගලයන් දෙදෙනෙකු මැදට පැමිණි ඇයට වෙඩි වැදුණු බව බී.බී.සී.ය කියා සිටියත්, එය ඊට වඩා ඔබ්බට ගිය මරණයක් බව ඇසින් දුටු සාක්ෂිවලින් පැහැදිලි වන බව සී.එන්.එන්. පුවත් සේවය කියයි.
ඇයට තුන්වරක් වෙඩි තැබූ ඝාතකයා ඇයට වෙඩි තැබීමට පෙරත්, ඇයට වෙඩි තැබීමෙන් පසුවත්, 'බ්‍රිතාන්‍ය ඉදිරියෙන් තියන්න...' ආදී වශයෙන් කෑ මොර දී තිබේ.
ඒ අනුව, එය බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ජනමත විචාරණය මුල්කර ගත් ඝාතනයක් විය හැකි බවටද තොරතුරු වාර්තා වෙයි. කෙසේ වෙතත්, ඇගේ මරණයත් සමග ජනමතවිචාරණය සඳහා කෙරෙන ප්රචාරක කටයුතුද නතර කර තිබේ.