අයවැය තුළින් වාහන සඳහා නව බදු පැනවීමට පෙර ණයවර ලිපි විවෘත කර, දැනට ලංකාවට ගෙන්වා ඇති සියලු වාහන පෙර බදුවලට යටත්ව නිදහස් කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේය.
හම්බන්තොට වරාය තුළ ඇති වාහන 2000කට වැඩි ප්‍රමාණයක් බදු සහන බලාපොරොත්තුවෙන් තවමත් නිදහස් කරගෙන නොමැති බවත්, මේ නිසා නව බදු පැනවීමට මත්තෙන් ණයවර ලිපි විවෘත කර, දැනට වරායට රැගෙන විත් ඇති වාහන සියල්ල පෙර බදු මත මුදාහරින්නැයි රජයෙන් උපදෙස් ලැබී ඇති බවත් ඔහු පවසා සිටියේය.
මේ අනුව සියලුම වාහන මාර්තු 31 වැනි දිනට පෙර නිදහස් කරගත යුතු අතර, එලෙස නිදහස් කරගන්නා වාහන වසර 05 ක් යනතුරු අන්සතු කළ නොහැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.මෙම සහනය ලබා දී තිබෙන්නේ තනි තනි වශයෙන් තමන්ගේ නමින් ණයවර ලිපි විවෘත කරගෙන සිටින පිරිසට පමණක් බවද හෙතෙම තවදුරටත් පවසා සිටියේය.